28 ♡ අවසානය....

589 90 8
                                    

Few Momths Later
Author POV

ඒ සිද්ධියෙන් පස්සේ මාස කිහිපයක් ගත වුනා...ඒ මාස කීපය ඇතුලෙර් හැමදේම වගේ වෙනස් වුනේ හිතාගන්නවත් බැරි විදිහට...

ඇල්ෆා ජිමින් ටේහ්‍යුන්ගෙන් සමාව ගත්තේ එයා මෙච්චර කල් ඇල්ෆා සන්ග් නිසා හිටියේ වැරදි වැටහීමක නිසා...

ඒ වගේම ජිමින් මින්ජි , යුන්ගි යුන්ජි , සේහි නම්ජුන් දෙන්නත් එකතු වුනා...

සේජූන් හුගක් පසුතැවුනා තමන්ගේ අප්පාකරපු දේවල් නිසා...එයාත් හැමෝගෙන්ම සමාව ගත්තා විෂේශයෙන්ම මින්ජිගෙන්...ඒ වගේම එයාට පුලුවන් උනා ජීවු එක්ක කතා කරන්නත්...

සේජූන්ට සන්ග් කණ්ඩායම භාර ගන්න කිව්වට එයා ඒක ප්‍රතික්ෂේප කලා...එයාගේ කැමත්තක් තිබ්බේ නෑ ඒ කණ්ඩායමට ආපහු යන්න...ඒ නිසා ඒ කණ්ඩායම විනාශ වෙන්න නොදී ඒකේ සාමාජිකයන් ඇල්ෆා පාර්ක් සහ කිම්ගේ කණ්ඩායම්වලට ගියා...

හැමදේම හොද විදිහට විසදුනා...

==================

"ජිමින් ඔයා හිතනවද එයා මාත් එක්ක ආයේ එයි කියලා..."

සේජූන් ජිමින්ගෙන් ඇහුවේ කිසිම විශ්වාසයකින් නෙවේ...

"අයිගෝ සේජූන් අපි ඉස්සෙල්ලා කතා කරලා බලමු...මීහා එන්නැතුව ඉන්න විදිහක් නෑ..."

ජිමින් එක්ක සේජූන් ඇවිත් ඉන්නේ ජීහුගේ ඔම්මලගේ ගෙදර....සේජූන්ට වුවමනා වුනා මීහාගෙන් සමාව අරගෙන ආපහු එයාව තමන් ගාවට ගන්න...

"ආශ්...මට බෑ වගේ ජිමිනා..."

"අඩේ මෙන්න මෙහෙ එනවා..."

යන්න අදිමදි කරන සේජූන්වත් ඇදගෙන ජිමින් ජීහුලගේ ගෙදරට ගියා...

"මේ...ජීහුගේ ඔම්මද...?"

ජිමින් එහෙම අහද්දී ජීහුගේ ඔම්මා කල්පනාකාරීව දෙන්න දිහා බැලුවා...

"දේ...මං තමයි...එතකොට මේ..."

"මං Park Jimin..පාර්ක් කණ්ඩායමේ නායකයා..."

"ඕහ්...ඇල්ෆා එන්න ඇතුලට...මට ආරංචි වුනා ඇල්ෆා සන්ග් මියගියා කියලා...කණ්ඩායම විසිරුනා කියලත්...එතකොට මේ..."

"ආහ්...මේ සේජූන්...මෙහෙ ඉන්න මීහාගේ සහකාරයා..."

ජීහුගේ ඔම්මා සේජූන් දිහා බැලුවේ පුදුමෙන්...

"ඕහ්...මෙයාද එහෙනම්...ඒ කෙල්ලව පන්න ගත්ත කෙනා..."

ජීහුගේ ඔම්මා එහෙම කියද්දී ජිමින් සේජූන් දෙන්න පුදුමෙන් වගේ බැලුවා...

"අනී...ඔම්මා...එයාව හම්බවෙන්න ඕනි...චෙබල්...එහෙම කියන්න එපා..."

"ආරස්සෝ...එහෙනම් පොඩ්ඩක් එලියට ගිහින් බලන්න එයා ඉදී..."

ජීහුගේ ඔම්මා එහෙම කියද්දී සේජූන් ලස්සනට හිනාවෙලා එලියට ගියේ මීහාව හොයාගෙන...

යනකොට මීහා බංකුවක් උඩ ඉදගෙන අහස බලාගෙන ඉන්නවා...

සේජූන් හිමීට මීහාට කිට්ටු කරලා එයාව පිටිපස්සෙන් බදාගත්තේ මීහා ගැස්සෙද්දී...

"මීහා....මියාන්හේ..."

"ඔප්පා..."

සේජූන්ගේ මීහාව බදාගෙන උරහිසින් මූන තියාගන්න ගමන් කිව්වේ මීහා පුදුම වෙද්දී...

"දේ...චොම්මල් මියාන්හේ මීහා..."

"ඔප්පා...මම..."

"කිසිම දෙයක් කියන්න ඕනි නෑ...මං දන්නවා...මං කරපු දේවල් ඉවසන්න පුලුවන් දේවල් නෙවේ...ඒ හැමදේටම මට සමාවෙන්න...සාරන්ග්හේ..."

"නාදු...."

මීහා පෙරලා උත්තර දෙද්දී සේජූන් මීහාගේ තොල් සිප ගන්න ගත්තේ හුගක් ආදරෙන්....

ජිමින් මේ හැමදෙයක් දිහාම ඈත් ඉදන් බලන් හිටියේ හුගක් සතුටින්...හැමදෙයක්ම හොද විදිහට විසදුන එක ගැන එයාට හුගක් සතුටු හිතුනා...

හැම ප්‍රශ්නයකම අවසානය සිද්ධ වුනා...💜️
.
.
.
.
.
.
.
.
💜️THE END💜️

Revenge Love ⚡✔️Where stories live. Discover now