26 ♡ අතීතය....

396 81 2
                                    

Next Day
Jimin's View
Author POV

ටේහ්‍යුන්ගේ ඉල්ලීම නිසා ජිමින් වගේම ඉතුරු 4 දෙනත් ඇල්ෆා පාර්ක්ගේ වගේම ඇල්ෆා කිම්ගේ මරණය ගැන හොයන්න එකග වුනා...

හැමෝම කැලෑවේ මැදට එකතු වුනේ දැන් කොතනින්ද පටන් ගන්න ඕනි කියලා තීරණය කරන්න...

"මෙහෙමයි ජිමින්...මං කියන්නේ ඉස්සෙල්ලම අපි දන්න කාගෙන් හරි අහමු කියලා..."

ජින් එහෙම කියද්දී ටේහ්‍යුන්ග් ඔලුව වනලා කතා කරන්න ගත්තා...

"මාත් හිතන්නේ හ්‍යුන්ග් එහෙම කලා නම් හරි...අනිවාර්‍යෙන්ම මේ සිද්ධිය ගැන දන්න ඒ කාලේ හිටපු කෙනෙක් ඉන්නම ඕනි නේ..."

ටේහ්‍යුන්ග්නුත් ජින්ගේ කතාව අනුමත කලා...

"හරි එහෙනම් අපි කොහොමද එහෙම කෙනෙක් හොයාගන්නේ...අනිවාර්‍යෙන්ම එයා දැන් වැඩිහිටි කෙනෙක් වෙන්න ඕනි නේ..."

"දේ...මං එහෙම කෙනෙක් ඉන්නවද කියලා හෙව්වා...එයා ඉස්සර ඇල්ෆා පාර්ක්ගේ කණ්ඩායමේ කෙනෙක්...සහකාරිය ඇල්ෆා කිම් කණ්ඩායමේ..."

නම්ජුන් එහෙම කියද්දී හැමෝම එයා දිහා පුදුමෙන් ඇස් ලොකු කරන් බැලුවා...

"චින්චා...නම්ජුනා..කොහොමද දෙයියනේ හොයාගත්තේ...?"

හොබී එහෙම අහද්දී නම්ජුන් කලේ හිනාවුනු එක...

"නිකන් මං හොයලා බැලුවා...දැන් ඉතින් යමුද?"

නම්ජුන් එහෙම කියද්දී හැමෝම ඔලුව වනලා ඒ එල්ඩර්ගේ ගෙදරට යන්න පිටත් වුනා...

"හ්‍යුන්ග් මගේ හිතට හරි නෑ වගේ..."

ටික දුරක් යද්දී ජිමින් වටපිට බලන ගමන් එහෙම කිව්වා...අනිත් හැමෝම ජිමින් දිහා බැලුවේ පුදුමෙන්...

"හැබැයි මටත් අමුත්තක් දැනෙනවා...කරදරයක් වෙන්න යනවා වගේ..."

ටේහ්‍යුන්ග්නුත් එහෙම කිව්වා...

"ආරස්සෝ...අපි මේ වැඩේ ඉක්මන්ට කරලා යමුකෝ..එතකොට හරිනේ..."

යුන්ගි එහෙම කියද්දී හැමෝම ඔලුව වැනුවේ ඒක අනුමත කරන්න...

============================
ඇත්තටම ලොකු කරදරයක් වෙන්නයි යන්නේ....
============================

Revenge Love ⚡✔️Where stories live. Discover now