05 ♡ රාත්‍රිය....

563 102 0
                                    

Kim Taehyung's view

රෑ වෙනවත් එක්කම ටේහ්‍යුන්ග් ගොඩක් බය වුනා නංගිලා 3 දෙනා තවමත් නැති නිසා...එයාලගේ යාලුවන්ගෙන් ඇහුවත් ටේහ්‍යුන්ග්ට දැනගන්න ලැබුණේ එයාලා කැලෙන් එලියට තාම ඇවිත් නැහැ කියන එක..

"දෙවියනේ...මගේ නංගිලා තුන්දෙනා..."

ටේහ්‍යුන්ග් ගොඩක් බයවෙලා පෙරමග බලන් හිටියේ තුන්දෙනාම කොයි වෙලේ හරි එයි කියන බලාපොරොත්තුවෙන්

"කරදරයක් වෙන්න නම් එපා..."

ටේහ්‍යුන්ග් එහෙම හිතන ගමන් බලන් හිටියා...ඒත් තවත් රෑ වෙනවත් එක්කම තුන්දෙනා ආවේ නැති නිසා ටේහ්‍යුන්ග් තීරණය කලා එයාලව හොයන්න...

ඒනිසා ටේහ්‍යුන්ග් අවුරුදු ගානක් යටපත් කරගෙන හිටපු වෘක ස්වරූපයට නැවතත් හැරුණා...

තමන්ගේ ස්වරූපය වෙනස් කරගත්ත ටේහ්‍යුන්ග් කැලේට ඇතුලු වෙලා ඉස්සරහට යනවත් එක්කම එයාට දැනුනේ මින්ජිගේ සුවද...ඉතින් ටේහ්‍යුන්ග් ඒ සුවද පස්සෙන් ඉව අල්ලමින් යන්න පටන් ගත්තා...අන්තිමට ටේහ්‍යුන්ග් නැවතුනේ කැලේට ටිකක් නුදුරින් තිබ්බ තවත් එක වෘක ගමක...

තමන්ගේ සැබෑ ස්වරූපයට ආව ටේහ්‍යුන්ග් සැගවිලා බලන් හිටියා...මේ වෘක ගම්මානය කාගෙද කියලා අදුරගන්න ටේහ්‍යුන්ග්ට එච්චර වෙලා ගියේ නෑ...

"වෘක ගම්මානයක්...ඇල්ෆා පාර්ක් ජිමින්ගේ...එතකොට මගේ කෙල්ලෝ තුන්දෙනා මෙහෙද ඉන්නේ..."

ටේහ්‍යුන්ග් ටිකවෙලාවක් කල්පනා කරලා ගමට ඇතුල් වුනා...හරිම කලබලකාරී පරිසරයක් ඒ වෙලාවේ තිබ්බේ...සහෝදරියන් තුන්දෙනා හොයාගන්නේ කොහොමද කියලා ටේහ්‍යුන්ග්ට හිතාගන්නවත් බැරිවුනා..

"මං කොහොමද තුන්දෙනාව හොයාගන්නේ..."

ටේහ්‍යුන්ග් එහෙම හිතන ගමන් ගම ඇතුලට ඇවිද්දා...හම්බවෙන හැමකෙනෙක්ගෙන්ම ඇහුවා...මේ අතරෙදි තමයි ටේහ්‍යුන්ග්ට Park Seokjinව මුණ ගැහෙන්නේ...

"මේ...සමාවෙන්න...ඔයා දැක්කද ගෑනු ළමයි තුන්දෙනෙක්...යුන්ජි, මින්ජි, සේහි කියලා???"

"ඔයා...කවුද???..."

ජින් ටේහ්‍යුන්ග්‍ට දැම්මේ සැක සහිත බැල්මක්...

Revenge Love ⚡✔️Where stories live. Discover now