06 ♡ ගම්මානයට....

522 100 0
                                    

"ඇල්ෆා..චොනන් කිම් ටේහ්‍යුන්ග් ඉම්නිදා"

ඇල්ෆා ජිමින්ට තමන්ව හදුන්වා දුන් ටේහ්‍යුන්ග් ඔහුට හිස නමා ආචාර කලා...ජිමින්ද පෙරලා ඔහුට ආචාර කලා...

"ඔයාලා දැන් කොහොමද යන්නේ...?"

"ඇල්ෆා අපි මෙහෙම්මම කැලේ මැදින් යන්නම්...අපිට පාර හොයාගන්න පුලුවන්..."

ටේහ්‍යුන්ග් එහෙම කියද්දී ජිමින් හිස දෙපැත්තට වැනුවා...

"නැහැ...නැහැ...තනියම යන්න දෙන්න බෑ...ඇල්ෆා සන්ග්ගේ වෘකයෝ හැමතැනම පිරිලා...මං අපේ හෝසෝක්, නම්ජූන් දෙදෙනාව එවන්නම්..."

"ආරස්සෝ ඇල්ෆා...කම්සාම්නිදා අපිට උදව් කලාට...එහෙනම් අපි යන්නම් අන්‍යොන්ග්..."

යුවතියන් තිදෙනාද ඇල්ෆාට ආචාර කල අතර ටේහ්‍යුන්ග් පිටුපසින් ඔවුන් තිදෙනා යන්නට විය...

නම්ජූන්, හෝසෝක් දෙදෙනා තමන්ගේ ස්වරූපය වෘක ස්වරූපයට හරවාගෙන ඔවුන්ව ආරක්ශා කරමින් නැවතත් ගම්මානයට පිටත් වූහ...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

ඔවුන් පිටත්ව ගිය පසු ජිමින් හැරුණේ ජින් පැත්තට...

"ජින් හ්‍යුන්ග්...මට ඔයත් එක්ක කතා කරන්න ඕනි..."

"ජිමින්...ඇයි...මොකක් හරි ප්‍රශ්නයක්ද?.."

ජින් සන්සුන් කටහඩකින් ඇහුවා...

"ම්ම්ම්...දැනට නම් නෑ හ්‍යුන්ග්...ඒත්..."

"ම්ම්ම්..හරි හරි...අපි යන්...ගිහින් කතා කරමු..."

"ආරස්සෝ හ්‍යුන්ග්..."

ජිමින් ප්‍රති උත්තර දුන්නට පස්සේ ජින් යුන්ගී පැත්තට හැරුණා...

"යුන්ගී දැන් රෝගීන් එන වෙලාව...ඔයාට පුලුවන්ද එන අයට බෙහෙත් කරන්න...මින්සුත් ඇති...එයාත් උදව් වෙයි..."

"හරි හ්‍යුන්ග්...මං කරන්නම්..."

යුන්ගි එහෙම කියන ගමන් වෙද ශාලාව පැත්තට ගියා...

"හරි අපි යමු..."

ජින් එහෙම කියන ගමන් ජිමින් එක්ක නිවස දෙසට ඇවිදගෙන ගියා...

Revenge Love ⚡✔️Where stories live. Discover now