16 ♡ හිතුවක්කාරයා....

403 78 2
                                    

Jimin's View
Author POV

"ආශ්...මොකද කරන්නේ...බලන්න යනවද නැද්ද...?"

දැන් හොදටම රෑවෙලා...හැමෝම තද නින්දක ඉන්න වෙලාවක්...ඒත් ඇල්ෆා ජිමින්ට නම් ගොඩක් වෙලාවක ඉදන් නින්දක් නෑ...

නින්ද යන්නේ නැති පාර ඇල්ෆා ඇදෙන් බැහැලා කාමරේ එහාට මෙහාට ඇවිදින්න ගත්තේ නියපොතුත් හප හප...

එයාගේ ඇල්ෆා කියන්නේම ගිහින් මින්ජිව බලන්න කියලා...හිත කියන්නේ මේ වෙලාවේ යන්න එපා කියලා...

මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව අතරමං වෙලා වගේ එයා ඉන්නේ...

"ආශ්...ඇල්ෆා ඔයා මාව පිස්සු වට්ටනවා අනේ..."

තමන්ගේ ඇල්ෆාත් එක්ක කතා කරන ගමන් ජිමින් එහෙම කිව්වා...එයාට මින්ජි ගැන අමුතු හැගීමක් දැනුනත් එයා ඒක ආදරය කියලා පිලිගන්න උත්සහ කරන්නේ නෑ...ඒ ඇයි කියලා එයාටම හිතාගන්න බෑ...

ඒත් ජිමින්ට මින්ජිව තදින්ම ඕනි...එයාගේ මත් වෙන රෝස සුවද විදින්න ඕනි...ඒකට තියෙන ලොකුම බාධාව තමයි මින්ජි මනුස්සයෙක් වීම...

(A/N : ඉන්නකෝ...ඇල්ෆා මං ඔය ප්‍රශ්නේ ඉක්මනටම විසදලා දෙන්නං...තව චැපි දෙකකින් වගේ...😌

🐥 : අඩේ කරන දෙයක් ඉක්මනට ඈ..😒

A/N : හාකෝ..😒)

ජිමින් ලොකු හුස්මක් අරන් පිට කරන ගමන් තමන්ගේ කාමරෙන් හෙමිහිට එලියට ආවා...

"ආරස්සෝ ජිමින් අපි යමු..."

ජිමින් තමන්ටම මුමුන ගන්න ගමන් නිවසින් එලියට ආවා...ඇවිත් තමන්ගේ වෘක ස්වරූපයට හැරිලා වේගෙන් දුවන්න ගත්තේ හිතන්නවත් බැරි වේගෙකින්...

කවුරුත් දන්නෙත් නෑ...දැක්කෙත් නෑ...

"ඔන්න...අපි ආවා..."

ජිමින් කෙලින්ම ආවේ ටේහ්‍යුන්ගේ නිවස ඉස්සරහට...ජිමින් තමන්ගේ මිනිස් ස්වරූපයට ඇවිත් ඉනට අත් දෙක තියාගන්න ගමන් වටපිට බැලුවා...

ගේ ඇතුලේ කිසිම එලියක් නෑ..ඒ කියන්නේ හැමෝම නිදි...ජිමින්ට මින්ජිගේ කාමරේ තියෙන තැන මතක තිබුණා...

"ආහ්..කොතනද..ම්ම්ම්...ආහ්...මේ තියෙන්නේ..."

ජිමින් හොරෙන් නිවස වටේ අඩි තියෙන ගමන් මින්ජිගේ කාමරේ ජනේලෙ හොයාගත්තා...හිමීට ඉනිමගකුත් හොයාගත්ත ජිමින් එතනම තිබ්බ බැල්කනියට නැග ගත්තා...

Revenge Love ⚡✔️Where stories live. Discover now