13 ♡ මීහා....

382 75 0
                                    

Saejoon's View
Author POV

සේජූන් තමන්ගේ කණ්ඩායමට ආපහු ආවේ බොහොම කේන්තියෙන්...එයාට ඇල්ෆා ජිමින්ව මරලා දාන්න තරම් කේන්තියක් ඇවිත් තිබ්බේ...

"ඌ කොහොමද එහෙම මගේ දේකට අත තියන්නේ...!!!!"

සේජූන් එහෙම කියන ගමන් රතු වුනු ඇස්වලින් තමන්ගේ අප්පා දිහා බැලුවා...

"අදල්...මොකද්ද උනේ කියන්න දැන් ඉතින්...මොකද මේ කේන්ති ගිහින්..."

ඇල්ෆා සන්ග් ඇහුවේ පුදුමෙන් ඇස් ලොකු කරගන්න ගමන්...මෙච්චර කේන්තියෙන් තමන්ගේ පුතා ඉන්නවා සන්ග් දැකලා තිබුනෙම නැහැ...

"එයා කොහොමද මගේ මින්ජිව අල්ලන්නේ..??!!!? එයා මගේ විතරමයි..."

"අයිගෝ අදල්...මොකද මේ...මින්ජි කියන්නේ මනුස්සයෙක්...එයා ඔයාගෙ සහකාරිය වෙන්නේ කොහොමද...විකාර කරන්නේ නැතුව ගිහින් මීහා ගැන බලනවා...තමන්ගේ සහකාරිය එයා නේද?"

ඇල්ෆා සන්ග් කේන්තියෙන් ඉන්න සේජූන්ට ටිකක් තදින් කිව්වේ සේජූන් කවදාවත් තමන්ගේ සහකාරිය සන්ග් මීහාට කවදාවත් හොදින් සලකලා නැති නිසා...

තමන්ගෙ සහකාරිය එයා උනත් සේජූන් කැමැත්තෙන් හිටියේ මින්ජිට විතරමයි...ඒ නිසා වගේම සේජූන්ගේ නපුරු හැසිරීම නිසා මීහා ගොඩක් අපහසුතාවයට වගේම දුකට පත් වෙලා ඉන්නේ...

"මීහා??? හහ්...කවුද එයා...එයා මගේ කවුරුත් නෙවේ..."

සේජූන් තමන්ගේ අප්පා කියන දේට ප්‍රති උත්තර දුන්නේ සෙල්ලක්කාර හිනාවක් දාගෙනමයි...

"අදල්...ඔ-"

ඇල්ෆා සන්ග්ට එතනින් එහාට කියාගන්න බැරි උනේ වීදුරුවක් බිදෙන සද්දයක් කාමරේ ගාවින්ම ඇහුණු නිසා...

"මි-මියාන්හේ...අප්පා...චොම්මල් මියාන්හේ..."

ඇල්ෆා සන්ග්ගේ කාමරේට එන්න හදපු සේජූන්ගේ සහකාරිය මීහාට සේජූන් කියපු දේ හොදින්ම ඇහුනා...

"තමුන්...!!!! තමුන් මොකද මෙතන කරන්නේ...?!!!!!?"

සේජූන් කෑගහගෙන බිම වැටුණු වීදුරු කෑලි ටික ඇහිදින මීහා ගාවට ගියා...

"අනියෝ...ඔප්පා..මං මං මේ අප්පට වතුර එක දෙන්න ආවේ..."

මීහා කදුලු පිරුණු ඇස්වලින් සේජූන් දිහා බලන ගමන් කිව්වා..

Revenge Love ⚡✔️Where stories live. Discover now