Last chapter

4K 561 241
                                    

(සතියකට පසු )

අද තමා ටේකුක් දෙන්නා ආයේ නොයෙන්නම කොරියාව දලා යන දවස.....

පාන්දර එයාලාගේ flight එක තිබ්බ නිසා කලින් දවසේ රෑම කට්ටියම airport එකට ආවා....

🐥: උබ ගියාම මට පාලුයි නේ....

ජිමින් නහයත් රතු කරන් හොදටම අඬනවා...

🐯:  මාව බලන්න එන්න ඉතිං.....

ටේගේත් වෙනසක් නැහැ..එයාත් ජිමින් වගේම අඬනවා.....

දෙන්නාම බදාගෙන දැන් පැය භාගයක් තිස්සෙම එකම වචන ටික කියව කියව ඉන්නවා...

🐥: උබට මාව අමතක වෙයි ?

🐯: මගේ කුකුල් පැටියාව අමතක වෙන්නෙ නැහැ එහෙම...

යුන්ගි වගේම ජන්කුකුත් අත් දෙක බැදගෙන පැත්තකට වෙලා බලන් හිටියේ ඒ දෙන්නාගේ හුරතල් කතා දිහා...

එයාලා එක්ක හොසොක් වගේම එලිසාත් ඇවිත් හිටියේ දැන් ඒ දෙන්නාත් එගොල්ලොන්ගේ පවුලේම කොටසක් වගේ නිසායි....

හොසොක්ගේ අතින් අල්ලන් ඉන්න එලිසාත් අඬ අඬ ඉන්නේ ටේ කියන්නේ එයාගෙ ජිවීතේම බේර ගත්ත ඔප්පා නිසා....

ටිකකින් ටේලාගේ flight එක ගැන announcement එක ඇහෙද්දි ටේ ජිමින් දෙන්නා අඬ අඬම දෙන්නාගෙන් ඈත් උනා....

ටේගේන් ඈත් උන ජිමින් දුවලා ගිහින් ජන්කුක්ව බදාගෙන

🐥: ජන්කුක් හියුන්ග්..මගේ කොටි පැටියාව බලා ගන්න...මං දන්නවා හියුන්ග් තරම් කවුරුත් එයාව බලා ගන්නෙ නැහැ කියලා...එත් එයා දඟයි ඔයා දන්නවා නේ....මං පුලුවන් උන ගමන් ඔය දෙන්නාව බලන්න එන්නම්....

ජිමින්ගේ රතු උන නහය මිරිකපු ජන්කුක්

🐰:මං පොරොන්දු වෙනවා ඔයාගෙ කොටි පැටියාට කිසිම දෙයක් වෙන්නෙ නැතුව බලා ගන්නම් කියලා....අඩුම තුවාලයක් වත් වෙන්නෙ දෙන්නෙ නැහැ..කෝ ඉතිං දැන් අඬන්න එපා..අර බලන්න ඔයා අඬන නිසා යුන්ගි හියුන්ග්නුත් දුකින්...

Psycho bunny  ( Completed ✅)Dove le storie prendono vita. Scoprilo ora