chapter 8

2.6K 511 17
                                    

එදා ටිකක් කලුවර දවසක්...

වෙනදාට ඉර පායලා මුලු පැත්තම එලිය කරත් එදා හොදටම වැස්ස දවසක් උනා...

ටේ වගේම ජන්කුක්ත් හැමදාම එලියට ඇවිදින්න යන්න පුරුදු වෙලා හිටියේ එත් කාලගුණේ නිසා එදා එයාලට එලියට යන්න බැරි උනා...

හොදටම ගොරව ගොරව එලිය වහින්න ගද්දි දෙන්නාම උදේ වරුව වගේම දවල් වරුවත් ගෙදරටම වෙලා එකටම හදාගත්ත කෑමත් කාලා හිටියා...

රාත්‍රියේ දෙන්නාම දෙගොල්ලොන්ට සමු දීලා තම තමන්ගේ කාමර වලට ආවේ නිදා ගන්න...

හැබැයි ටේ කාමරේට ආවාත් මොකද එයා හිටියේ ටිකක් විතර බයෙන්...

ඔව් එයා වහින වේලාවට ගොරවද්දි බයයි...

🐯: ජිමිනිවත් හිටියා නම් ලගට වෙලා නිදා ගන්න තිබ්බා ☹️

ටේ එහෙම තමන්ටම කියන ගමන් එයාගෙ රෑට අදින ඇදුමත් ඇදගෙන ඇදට නැගලා පොතක් කියවන්න පටන් ගත්තා....

ටික වේලාවක් පොත කියවගෙන යන අතරේ එලියෙන් එක පාර හිතපු නැති විදිහට ගහපු අකුණක් නිසා ටේ ගැස්සිලා ගිහින් අතේ තිබ්බ පොතත් ඇද උඩට වට්ට ගත්තා....

එයාට ජන්කුක්ට කතා කරන්න ඕනකම තිබ්බත් ජන්කුක් දැන් නිදි ඇති කියලා හිතපු ටේ එයාගෙ ඇදේ රෙද්ද ඔලුවෙ ඉදන් පෙරවගෙන හිටියේ බයට....

ආයෙම පාරක් සැරට අකුණක් ගහන්න ගත්ත එකෙන් ටේ හිටියෙ අඩන්න ඔන්න මෙන්න...

එත් ටිකකින් කාමරේ දොර ඇරෙන සද්දෙට ටේ bedsheet එකෙන් ඔලුව විතරක් එලියට දාලා බැලුවේ දොර ඇරුනෙ ඇයි කියලා...

එයා දැක්කෙ කොට්ටෙකුත් අතේ තියන් කාමරෙ දොර ඉස්සරහ හිටගෙන ඉන්න ජන්කුක්වයි....

🐯: ජන්කුක් හියුන්ග් ?

🐰: මං අකුණු ගහනවාට බයයි රෝස මල..මට අදට ඔයා ගාව නිදා ගන්න පුලුවන් ද?

ටේට ඒ වචන ඇහෙනවා එක්කම මුනේ හිනාවක් ඇදුනේ හරියට නිධානයක් පහල උනා වගේ...

🐯: මාත් අකුණු ගහනවාට බයයි...එන්න හියුන්ග් ඇවිත් මගේ එහා පැත්තෙන් නිදා ගන්න.....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now