chapter 9

2.6K 509 46
                                    

පහු උන දවස් කිහිපයේ ජන්කුක් වගේම ටේත් හුගාක් සතුටින් හිටියේ....

එයාලා මුහුද බලන්නත් ගියා....එදා දවසේම ඒ දෙන්නා මුහුදු වෙරලේ ඉදලාත් ලස්සන මතක කිහිපයක් එකතු කර ගත්තා....

දෙවනි සතියේ අවසාන දිනයත් ලං උනේ එයාලාට හිතන්නවත් බැරි වේගෙන්....

එදා ඉරිදා...

ජන්කුක් වෙනදා වගේම උදේ නැගිටලා ගියේ එයාගෙ bathroom එකට....

කවුරුත් කාමරේ නැති නිසා එයා bathroom එකෙ දොර ලොක් කරන්නෙත් නැතුව මුහුන හොදන්න පටන් ගත්තා...

ටිකකින් ජන්කුක් එයාගෙ ඇදගෙන හිටිය t.shirt ගලවලා රැක් එකෙන් එල්ලන ගමන් ඉස්සරහ තිබ්බ කණ්ණාඩියෙන් පේන එයාගෙ ප්‍රතිරූපේ දිහා බලාගෙන හිටියා....

ජන්කුක්ගේ උදරය කෙලවරේ තිබ්බ තරමක් විශාල තුවාල කැලලක් ලගට අත ගෙනිච්ච ජන්කුක්...ඒ තුවාලය උඩ එයාගෙ ඇගිලි හරිම හිමින් ගෙනියන්න පටන් ගත්තා...

" මං මට කරපු දේට කවදාම හරි දවසක උබේන් පලි ගන්නවා බෝගම්.. මගේ ආදරේ අවුරුදු ගානක් මගෙන් ඈත් කරපු එකට....මගේ රෝස මලව තුවාල කරාට...මාව මරන්න උත්සාහ කරාට...මාව මානසික රෝහලට දැම්මාට මේ හැමදේටම මං උබෙන් පලිය ගන්නවා....රෝස මලට හැමදේම අමතක නිසා හොදයි...නැත්තම් එයා මේවාට හුගාක් දුක් වෙයි...මං කැමති උබට දඬුවමුත් දීලා ඉවර උනයින් පස්සෙම රෝස මලට හැමදේම මතක් වෙනවා නම්"

ජන්කුක් එයාගෙම රූපේ කන්නාඩියෙන් බලාගෙන එහෙම මුමුනද්දි

ඒ අතරතුර ජන්කුක් ගේ කාමරේට ඇතුල් උනේ ටේ....

" හියුන්ග් කොහෙද?....අහ් bathroom එකේනේ...ලයිට්ටුත් දාලා තියෙන්නෙ....එත් මං යන එක හරි ද? එක්කෝ ඔන්න ඔහේ යනවා දොර ඇරලාත් තියෙන නිසා අවුලක් නැහැ..."

ටේ ජන්කුක්ගේ කාමරේට ආවේ ජේජු ඉද්දි එයා හදපු පලවෙනි තේ කොප්පෙත් අතේ තියාගෙන....

ටේ Bathroom එකට ඇතුලු වෙනවා එක්කම පරණ පුරුද්දට රතු වෙන්න ගත්තේ ජන්කුක්ව දැකලා...

T.shirt එකත් ගලවන් එක අතක් තමන්ගේ බඩේ කෙලවරක තියාගෙන හිටපු ජන්කුක්ව දැක්ක ටේ ඉක්මනින් අහක බලා ගත්තා...

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now