Chapter 1

4.8K 621 52
                                    

සීතල දෙසැම්බරයේම සෝල් නූවර පලමු හිම වැටිම එදායි...

පුංචි පුංචි හිම පියලි බිමට වැටෙන්න ගත්තෙ ඒ මුලු සෝල් නූවරම සුදු පාටින් පාට කරමින්...

සමහර මිනිස්සු අතින් තම ඔලුව ආවරණය කරගෙන එහෙට මෙහෙට දුවද්දි තවත් සමහරු ඒ හිම සමඟ සෙල්ලන් කරා....

එදාම දවසක සෝල් නුවර තිබ්බ එක අනාත නිවාසේක ලමයිනුත් එලියට බැහැලා හුගාක් විනෝදෙන් සෙල්ලම් කරේ පාරෙ ඉන්න අනිත් මිනිස්සු වගේමයි...

ඔය අතර ඒ අනාත නිවාසේම හිටිය එකම එක පුංචි කොල්ලෙක් වත්තේ තිබූන මාපල් ගහක් යට ඉදගෙන තමන්ගෙ අත ඒ ගහෙන් එලියට දාන ගමන් සූදානම් උනේ ඒ හිම පියලි අතින් අල්ලන්න....

නමුත් එක පාරම....

: රෝස මල ඇතුලට එන්න ඔයාට අසනීප වෙයි....

: අනේ බනි හියුන්ග් මේවා හරිම ලස්සනයි නේ... පොඩ්ඩක් විතර ඉදලා එන්නම්...

: එහෙනම් මේ ජැකට් එක ඇද ගන්න

ජැකට් එකක් අතින් අරගෙන මාපල් ගහ යට හිටිය පුංචි පිරිමි ලමයා ගාවට ආව අනිත් පිරිමි ලමයාද අවසානේ ඒ මාපල් ගහ යටම ඉද ගත්තා....

: බනි හියුන්ග් ඔයා ආස නැද්ද හිම වැටෙනවාට...

: මාත් හුගාක් ආසයි...එත් ඔයා අසනීප වෙනවාට මං ආස නැහැ...

: හීහී බනි හියුන්ග් රෝස මලට එච්චර ආදරෙයි ද?

: මට මෙහෙ ඉන්න එකම යාලුවා ඔයා නිසා මං ඔයාට හුගාක් ආදරෙයි....

"ටෙටේ...!! නැගිටින්න... "

: බනි හියුන්ග්.....!!!!

" කිම් තේහ්‍යුන්ග් !!!!"

කන ලගම ඉදන් loudspeaker එකක් තමන්ගේ නම කියලා කෑගහනවා ඇහුන එකෙන් සුව නින්දක පසුවෙමින් හිටිය තේහ්‍යුන්ග් ඇහැරුනේ මුලු සෞරග්‍රහ මණ්ඩලේම දැකලා.......

🐯: යාආආආ...!!! ජිමිනි උබ අදත් මගේ නින්ද කෑවා... වල් හිකනල් තරාවා...

ටේහියුන්ග් එහෙම කෑගහන ගමන් තමන්ගේ හැම මඟුලටම ලඟින් ඉන්න පාප මිත්‍රයාට කෑගහද්දි ටේහියුන්ග්ගේ මේ උදෑසනත් අති සාර්ථක විදිහට ලස්සන කරපූ ජිමින් එහෙමම ටේහියුන්ග්ගේ ඇඟට පැන්නා....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now