chapter 14

2.4K 466 40
                                    

එදා ටේ හිටියේ හුගාක් තරහින්...

දවල් කොලේජ් ඇරුන ගමන් ගේට් එක ගාවට ගිය ටේ ජන්කුක් වචනයක් කතා කරන්නත් කලින් එයාවත් ඇදගෙන ගියා...

🐰: රෝස මල මොකද මේ කේන්ති ගිහින්...

🐯: මං ගෙදර ගියාම කියන්නම් හියුන්ග්..මට ටිකක් දැන් ඔලුව නිදහස් කර ගන්න ඔනී...

කියලා ටේ කියද්දි ජන්කුක් ටේගේ අතක් තද කරගෙන අල්ල ගත්තේ ඕනම දෙයකට එයා ලඟ ඉන්නවා කියලා කියන්න...

පැය භාගෙට පස්සෙ එයාලාගෙ ගෙදරට ගියපු ගමන් ටේ මුලින්ම දිව්වේ එයාලගේ කාමරේට....

ටේගෙ පස්සෙන් ජන්කුකුත් ආවාත් දොර ලගම නැවතුනේ ටේ කරන දේ දැකලා....

මුලු කාමරේම රතු පාටින් ලස්සන කරලා තිබ්බ රෝස මල් සේරම ටේ සැරෙන් සැරේ උස්සගෙන ගිහින් එලියට විසි කරා....

ජන්කුක් කිහිප වතාවක්ම ටේට කතා කරත් ටේ නෙමෙයි ඒවාට උත්තර දුන්නේ...

ඔව් ටේ අහිංසක උනාට කේන්ති යන චරිතයක්...ඒ වේලාවට ජන්කුක්ටත් එයාව පාලනේ කරන්න අමාරුයි....ටේටම තමා එයාගෙ කේන්තිය පාලනේ කරන්න පුලුවන්...එයා ඒ වේලාවට හිතට එන ඕනම දෙයක් කරලා ඒ වැඩේ ඉවර උනාමයි යථාතත්වයට පත් වෙන්නෙ.....

ටේගේ තරහ නිවුනාම ජන්කුක්ගේ රාජකාරිය තමා ටේට පැණි රස කෑම අරන් දෙන එක....

දැනුත් ටේගෙ හිතට ආවේ බෝගම් ගෙනත් දුන්න හැම රෝස මලක්ම එයා කොච්චර ආස උනත් එලියට විසි කරන්න ඔනී කියන එක විතරයි....

හැම රෝස මලම එලියට විසි කරපු ටේ එහෙමම හුස්මක් පිට කරන ගමන් ඇද උඩ වාඩි උනා...

මෙච්චර වෙලා දොර ලග අතත් බැදගෙන හිටන් හිටිය ජන්කුකුත් ටේගේ එහා පැත්තේ වාඩි වෙන ගමන් කතා කරා..

🐰: මං ටිකකින් ඔයාට චොකලට් එකක් අරන් දෙන්නම් හොදද...මට දැන් කියන්න මොකද උනේ ඇයි ඔයාගෙ යාලුවා දුන්න රෝස මල් සේරම විසි කරේ...ඔයා ඒවාට ආසයි නේ..

🐯: මං කවුරුත් දෙන රෝස මල් වලට ආස නැහැ...මට හියුන්ග් හැමදාම ගෙනත් දෙන රෝස මල විතරක් හොදටම ඇති....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now