03 🚩 - ( ' 3')

Start from the beginning
                                    

පස්සෙ වීදුරුවට කිරි එකකුත් දාගෙන ඒක බීලා ඉවර කරපු Namjoon ආපහු කාමරේට ගියේ police station එකට යන්න ලෑස්ති වෙන්න....
.
.
.
.
.
.
.

තමන්ගෙ නිළ ඇඳුමත් ඇඳගෙන ලෑස්ති වුණු Namjoon, ගෙදරින් එලියට බහින්න කලින් මුලින්ම අඩි තිබ්බෙ පොඩි දෙන්නාගෙ කාමරේට.... ඒකට ගිහින් සැප නින්දක හිටපු පොඩි දෙන්නගෙම නලලට උණුසුම් හාදු තිබ්බ එයා, Jin ටත් ආදරණීය විදියට සමුදීලා එයාගෙ රාජකාරියට පිටත් වුණා....

Namjoon ගියාට පස්සෙ Jin නුත් එයාගෙ cafe එකේ වැඩ කරන පොඩි කොල්ලො දෙන්නට කතා කරලා එයා අද දවල් වෙන්න cafe එක පැත්තට එන බවත් එතකන් එහෙ වැඩ ටික ඒ දෙන්නට බලාගන්න කියලත් දැනුම් දුන්නා... jin ගෙ cafe එකේ වැඩ කරන කොල්ලො දෙන්නා ගොඩක් අවංකයි. ඒ නිසා jin ට ඒ ගැන බයක් වෙන්න දෙයක් තිබ්බෙ නෑ...

උදේ 9. 30 ත් පහු වුණාට පස්සෙ කිරි බෝතල් දෙකට කිරිත් හදාගෙන Jin ගියේ පොඩි දෙන්නව නැගිට්ටවන්න.

🐹 - " ටේ බබා... නැගිටින්න පැටියෝ...

කුකී..... කෝ නැගිටින්න...

අද දෙන්නට නැගිටින්න අදහසක් නැද්ද....? "

🐇 - " ඔම්මා..."

🐹 - " ඔම්මා නෙවෙයි කුකී... මම ඔයාගෙ පපා...
මෙහෙ එන්න පපා ගාවට..."

අඩ නින්දෙ හිටපු පුංචි Jungkook ව Taehyung ගෙ පුංචි අත් වලින් ගලවලා අරන් තමන්ගෙ උකුලට ගත්ත Jin එයාගෙ කිරි බෝතලේ එයා අතට දුන්නා...

🐹 - " ටේ බබා දැන් ඔයත් නැගිටින්න..
මේ බලන්නකො කුකී බබත් නැගිටලා. "

🐇 - " ටේ දොයි. "

🐹 - " ඒකනෙ... ටේ දොයි තමා....

ටේ බබා....Aegyo කෝ නැගිටින්න...
ඔයාගෙ කිරි එක බොන්න සීතල වෙන්න කලින්..."

🐆 - " පපා...."

🐹 - " නැගිට්ටද.... කෝ එන්න ඔයත් පපා ගාවට..."

අමාරුවෙන් ඇස් අරින්න දඟලන පුංචි Taehyung වත් එක අතකින් උස්සල උකුලට ගත්ත Jin එයාගෙ අතටත් කිරි බෝතලයක් තිබ්බා....

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now