☁26th Cloud☁

467 134 185
                                    

(දෙව්ලොව දවසක් කියන්නේ මනුලොව අවුරුදු ගණනාවක්....)

Last Chapter

හමුවීම්......

සිත් රිදීම් අහිමිවීම් හේතුවෙන් ටේහ්‍යොන්ට තවදුරටත් ඔලිම්පස්හි සිටීම අප්‍රියජනක විය.

ඔහු මෙඩූසා පිලිබඳ සියලු මතක සිත දරාගෙන මිනිස් ලොවෙහි ජීවත් වීමට පැමිණියේය.

ඒ සිදුවීමට පසුව දෙව්ලොව බොහෝ නීතීන් වෙනස් විය.
විශේෂයෙන්ම තමන්ට කැමති කෙනෙකුට ආලය කිරීමට හැකිවිය.

නමුත් ඇති ඵලය කුමක්ද....? ඔහුට ඔහුගේ ආලය අහිමි වී ඇත..
ඇයට ඇගේ ආලය අහිමි වී ඇත...

බුද්ධියට අධිපති දේවතාවියක් අලුතෙන් පත්කර හිස්වූ අසුන පිරවීය..
මෘදු බවේ අසුන හිස්වම පැවතුනි...

තරුපිරි අහස යටින් ඇවිද ගියේ දුඹුරු පැහැ කබායක් ඇඳි තැනැත්තෙකි.. ඔහුගේ තද කළු දෑස්...
මදක් කැරලි ගැසුණු හිස කෙස් ග්‍රීක මූර්තියක් බඳුවූ වත ඔහුගෙ කඩවසම් බාවය මනාකොට පෙන්වීය..

ටේහ්‍යොන් .......
තවමත් මෙඩූසා පිලිබඳ තිබූ ආලයෙන් හදවත පුරවාගෙන ඇවිදින හුදකලා වූ තැනැත්තා...

මෙඩූසා සමග ගෙවූ කෙටි කාලය තුළ ලැබූ සුන්දර මතකයන්වල ගිලෙමින් ටේහ්‍යොන් සෙමෙන් පාරේ ඉදිරියට ඇවිද ගියේය..
පාලු රැයේ ඔහුට බාධා කිරීමට කිසිවෙක් නොසිටියේ ය..
නමුත් 

එක්වරම ආගන්තුකයෙක් දිවවිත්  ඔහුගේ ඇඟෙහි ගැටි විසි වුණි.
ඇගේ අතෙහි තිබූ සියලු පොත් බිම විසිරී ගියේය.

ටේහ්‍යොන් ඇයත් සමගම බිමට නැවුණේ ඇයට උපකාර කිරීමටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන් ඇයත් සමගම බිමට නැවුණේ ඇයට උපකාර කිරීමටයි.

ආහ්......සොරි.....මම කලබලෙන් ආවේ.....

ඒ කටහඬ............. දෑසින් නුදුටුවත් සිතේ රූප මවපු ඒ කටහඬ..............
වසර ගණනාවක් තම සවන් ඇසීමට බලාපොරොත්තු වූ ඒ හඬ....

ටේහ්‍යොන් ක්ෂණිකවම ඇගේ මුහුණ දෙස බැලීය..

ඒ නිල් දිගැටි දෑස් වලට ඔහුගේ තද කළු දෑස් හමු විය..මුව ගොලු වී තිබුනත් මෙතෙක් කල් නොකී සියලු කතා ඒ දෑස් යුගල්  එකක් නෑර පැවසීය............

රාත්‍රී අහස් කුසෙහි එක් වරම බැබලුණු තරුවක් දෙසට දෙදෙනාගේම දෑස් එක්වරම යොමු විය.....



මෙඩූසා × ටේහ්‍යොන් අන්දරයෙහි අවසානයක් නොවූ ආරම්භය මෙයයි...

ඔහු මෘදුයි
ඈ විෂයි
හුදකලා නිහැඬියාවක් ..

ආලයේ  ගීතයෙන්
නිහැඬියාව පූර්ණකොට
සිත්තම් කළ ඔවුන්...
රුදුරු කුරිරුකම් හමුවේ
වෙන්වී විඳවමින්...
ඔහුම පතමින්
ඇයම පතමින්
හැඟුමන් අතර කිමිදෙමින්
මතු හමුවන තුරු හුදකලාවට
පෙම් බැන්ද...
මතක අතර පැටලී සිටියදී
තරු පිරි අහස් කුස පාමුල
නීල වර්ණ දෑස් තුළින්
නාග දෑස් දුටු
ඔහුගේ
කාල වර්ණ දෑස්
ප්‍රේමයෙන් තෙත් විය..•°•°

(අනිවාර්යයෙන් බලලා ලස්සනද කියන්න.මම  හැදුවේ 😁)

                                  POISON _LOVE
                                       The End

වලාකුළට යන්න අවසරයි...

Author note

ඒනම් ආයේ වලාකුළු නෑ කිම්ස් බබූලා...........
හී
මට ඕනේ වුණේ sad නුත් නොවන happyත් නොවන අවසානයක් දෙන්න.
මේක happy  ending  නේද..? දෙන්නා පොරොන්දු ඉෂ්ට කරානේ..
කලින් chapter  එකයි මේකයි පරිස්සමට කියෙව්වා නම් තේරේවි.
මරණ තර්ජන එල්ල කරලා ටේවත් මරන්න කිව්වා නේ..😂💪

මෙතනින් පස්සේ වෙන දේවල් ඔයාලට කැමති විදියට හිතන්න අවසරය තියෙනවා.

Talk with characters එකයි
Author note  එකයි මේ එක්කම දාලා ඇති..
ඒවා බලන්න.

Talk with characters  එකට අනිවාර්යයෙන් කියවන හැමෝම  comments  දාන්න...plz...

මම එහෙම කියන්න හේතුව author note  එකේ දාලා තියෙනවා.
ඒනිසා නිහඬ readers ලා  නොවී කමෙන්ට්ස් දාන්න....

ඒනිසා නිහඬ readers ලා  නොවී කමෙන්ට්ස් දාන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Poison Love behind the scenes  😂

POISON_LOVE [✅]Where stories live. Discover now