☁4th Cloud☁

414 157 210
                                    

අලුත් නිවහන ..

තම වෙහෙසට පත් වූ මුහුණ දැකබලා ගැනීමට පොකුණට එබුණු
කුඩා දේවදූතයාට දැකගැනිමට හැකිවූයෙ කුමක්ද..?

තම වෙහෙසට පත් වූ මුහුණේ පිලිඹිබුව අතරින් පෙනෙන දරණ ගැසූ නාග කැටයමක්...

පොකුණෙහි පත්ලෙහිම වූ කැටයමක්..

ඔහු සියලු රහස් දත් දේවදූතයාය..
දෙවියන්ට හිමි නිවාස තැනෙන්නේ ඔවුන්ගේ දෛවය හා ඔවුන්ගේ ජීවිතයට අනුව බව ඔහු හොඳාකාරවම දනී..

එහෙත් ටේහ්‍යොන්ට නාග සලකුණක්..?

බියපත් වූ මුහුණකින් දේවදූතයා තම පිලිඹිබුව තුලින් පෙනෙනා නාග සලකුණ දෙස බලාසිටියේය.

දේවදූතයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බැවින් ටේහ්‍යොන් තම අවධානය ඔහු වෙත යොමුකළේය..

"අහා.... කිම්ද බියවෙලා.. ඔබේ මුහුණ ඔය තරම් බිය කරුද..?"

ටේහ්‍යොන්ගේ හඬින් බියටපත්වූ කුඩා දේවදූතයා ගැස්සීමක් සමග පොකුණ තුළට ඇද වැටුණි..

"අහා... ඔබ කුඩා කරදරකාරයා..."

රිදී ගැටෙන හඬ පරදන සිනහවක් ඇති කරමින් පොකුණට හිස යොමු කළ ටේහ්‍යොන් තම දෑත් දිගු කර දේවදූතයා දෑතට ගත්තේය..

රිදී ගැටෙන හඬ පරදන සිනහවක් ඇති කරමින් පොකුණට හිස යොමු කළ ටේහ්‍යොන් තම දෑත් දිගු කර දේවදූතයා දෑතට ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රවේසම්වන්න කුඩා මිත්‍රයා.. ඔබලා පහසුවෙන් කැඩෙන බිඳෙන සුලුයි.

"ස්තූතී ටේහ්‍යොන්..."

"අපි ඇතුලට යමු.. මෙතැන සිටියා යැයි ඵලක් නැහැ"

කෙලිලොල් ලෙස ඇසක් ඉඟිමැරූ ටේහ්‍යොන්ගේ ද්වාරය දෑතින්ම විවර කොට නිවාසයේ  ඇතුලට පිවිසියේය..

ඔහු සිටියේ නොසන්සිදෙනා කුතුහලයකිනි...
සෑම කුඩා දෙයක්ම ඔහුට පිරික්සිය යුතුවිය. එය ඔහු මෙලොවට නවකයෙක් වූ නිසාද.. නැතහොත් ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය ද යන්න කුඩා දේවදූතයාට වෙන්කොට හඳුනාගත නොහැකිවිය.

POISON_LOVE [✅]Where stories live. Discover now