☁18th Cloud☁

333 141 168
                                    

සමීප නොවන්න......

මෙඩූසාගේ නිවහනට ටේහ්‍යොන් තවත් දින කිහිපයක් ගියෙය..
කොටින්ම පැවසූවහොත් ඔහු දිනපතාම එහි පිවිසීය..

එය මනුලොව ප්‍රේමවන්තයෙක් තම සිත්ගත් තැනැත්තියගෙන් කැමැත්ත ඇසීමට යන ගමනක් මෙනි.....0:)

( වළාකුළ : ඒයි ඕතරයා ඕක ලියන්න කිව්වේ නෑනේ මම
ඕතර් : ඉතින් ඕකනේ ඔතන වෙන්නේ )

නමුත් ඇය සිටියේ සැඟවීය.

මක් නිසාද ඇගේ සිත තවමත් තිබුනේ විශ්වාසයත් අවිශ්වාසයත් අතරය

සෑමදාම ටේහ්‍යොන් සිදු කලේ අඳුරු රෝස පුෂ්පයන්ට වර්ණ ලබා දීමයි. ඔහුගේ ස්පර්ශයෙන් වර්ණවත් වු පුෂ්පයන් වූ මෙඩූසාගේ නිවහන අඳුරු වනය තුළ දිදුලන ස්ථානයක් විය .

මෙඩූසා සැඟව සිට ඔහුගේ සියලු හැසිරීම් නිරීක්ෂණය කළාය..

එක් දිනක් ටේහ්‍යොන් පැමිණෙන විට ගල් පොත්තක් උඩ තිබූයේ ඝන කළු රෙදි කඩකි.
එහි ප්‍රයෝජන දත් ටේහ්‍යොන් එය රැගෙන තම දෑස් වැසෙන සෙ ගැට ගසා ගත්තේය..

එය දුටු මෙඩූසා සැඟව සිටි තැනින් මෑත් වී සෙමෙන් සෙමෙන් ටේහ්‍යොන් අසලට ලංවීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එය දුටු මෙඩූසා සැඟව සිටි තැනින් මෑත් වී සෙමෙන් සෙමෙන් ටේහ්‍යොන් අසලට ලංවීය.

සමාවෙන්න ..... මා නිසා ඔබේ ලොවත් අඳුරු වූවා.

සිත සුන්දර නම් සුන්දර සිතුවිලි වලින් අඳුරු ලොව ආලෝකමත් කරගන්න හැකි මෙඩූසා...

ඔබ අන් අයට වඩා වෙනස්.......
මා සමඟ මෙසේ කතා කළ එකම කෙනා ඔබ ...
එසේම මා මෙලෙස කතා කළ එකම කෙනාත් ඔබ.
කුමක්දෝ හේතුවකට මට මාගේ සිත ඔබව විශ්වාස කරන්න යැයි පවසනවා..
එහෙත් මට සමීප වන්නන්ට උරුම අවාසනාව පමණයි..
එනිසා මට සමීප නොවී ඔබේ දිවිය ආරක්ෂා කරගන්න .

POISON_LOVE [✅]Where stories live. Discover now