☁17th Cloud☁

353 141 189
                                    

සැගවෙන්නි......


ටේහ්‍යොන් කුමක් ද සිදු වූයේ...?

Anjoගේ හඬින් ටේහ්‍යොන් තම සිතිවිලි වලින් මිදුනි.

හාහ්...

කුමක්ද සිදු වූයේ...?

එයම තමා මාත් සිතන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයම තමා මාත් සිතන්නේ...කුමක්ද සිදු වූයේ...?

කුමක්....... මට කිසිවක් තේරුම්ගත නොහැකි ටේහ්‍යොන්

මටත් කිසිවක් නොතේරේ...

කුමන බහුබූත කතාවක්ද මේ....?

වෙනදා එවැනි වදන්වලට සිනහවන ටේහ්‍යොන්ගේ මුවෙහි අද වූයේ ප්‍රශ්නාර්ථයකි..

ඔහුගේ හැසිරීමෙන් කුමක් හෝ විසල් දෙයක් සිදුව ඇති බව anjo තේරුම් ගති..
ඔහුත් පැමිණ ටේහ්‍යොන්ගේ ඉදිරියෙන් අසුන් ගත්තේය.

කුමක්ද සිදුවූයේ ටේහ්‍යොන් ....?

සිතාගත නොහැකි .......පුදුමාකාරයි

ටේහ්‍යොන් සිදුවූ සියල්ල ඒ ලෙසටම anjoට පැවසීය.

පොසයිඩන් ......නියත ලෙසම ඒ පොසයිඩන් ........
ඔහු පමණයි මෙලෙස ජල ධාරා මැවීමට හැකි එකම පුද්ගලයා

එහෙත් ඔහු කුමකටද මට එලෙස හානි සිදු කරන්නේ..

ඔබ මෙඩූසා මුණ ගැසීමට ගිය බව ඔවුන් දැනගෙන..

Anjoගේ වත අඳුරු විය.

ආහ්......ඒ කෙසේද....? ඒ පිලිබඳ දන්නේ අප දෙදෙනා පමණයි නේ..

ටේහ්‍යොන්... ටේහ්‍යොන් මේ දෙව්ලොව .... මේ නිවාස බිත්තිවලටත් කන් තිබේ....

අහා anjo ඔබ මාව බියට පත් කරනවා..මා මේ නිවාසයේ සියලු බිත්ති ගලවා දමා නිල් අහස යට වැතිරෙනවා.

POISON_LOVE [✅]Where stories live. Discover now