☁16th cloud☁

340 139 98
                                    


හැඟුමන්......

කුමක් හෝ දෙයක් ඔහුට සිදු කරන්න..

ඇතීනා ගිගිරුවේ තම දෑත් පොසයිඩන් දෙසට දිගු කරමිනි..

මා ඔබට මෙඩූසාව ලබා ගැනීමට උපකාර කළා.. ඔබ දැන් ටේහ්‍යොන් මෙඩූසාගෙන් වෙන් කිරීමට මට උපකාර කළ යුතුයි.

ඇතීනාගේ කෝපයෙන් දැවිනා දෑස් දෙස පොසයිඩන් බලාසිටියෙ හැඟීම් විරහිතවය.

හොඳයි ... මා කුමක් හෝ සිදු කරන්නම්.ඔහු සාමාන්‍යයෙන් සිටින ස්ථාන මොනවාද....? ජලයට සමීප...?

ඔහු ඔහුගේ නිවාසය ආසන්නයේ ඇති විල අසල නිතර ගැවසේ..
ඔබට ඔබගේ කාර්ය එතැනදී පහසු වේවි පොසයිඩන් ...

හ්ම්.....

.
.
.

සුපුරුදු පරිදි ටේහ්‍යොන් විවේක ගැනීම පිණිස විල අසල වැලි තලයෙහි වැතිර සිටියේය..

දෑස් පියාගෙන සිටි ඔහුගේ මනස සන්සුන් විය.

සන්සුන් සිතුවිලි අතර කිමිදෙමින් සිටි ටේහ්‍යොන්ට තමන්ට ඉදිරියේදි මුහුණ පෑමට සිදුවන විපත පිලිබඳ කිසිවක් දැනුනේ නැත..

හඬක් නොනගාම ජල ස්කන්ධය මතින් නැගුණු පොසයිඩන් තම යෂ්ටිය ආධාරයෙන් විශාල ජල පහරක් මවා ටේහ්‍යොන් වෙතට එව්වේය.....

ජලය කැලතෙන ශබ්දය අසා දෑස් හරින විට ටේහ්‍යොන් පමා වැඩිය..
තමා මෙන් සත් ගුණයක් පමණ විශාල ජල කඳ දෙස ඔහු දෑස් විශාල කොට ගෙන බලාසිටියේය ..තමාට ඉවතට යාමට කාලවේලාවක් නොමැති බව තේරුම් ගත් ටේහ්‍යොන් සිදුවණ දේ අනාගතයට බාර කොට දෑතින් තම මුහුණ ආවරණය කර ගනිමින් පිටුපසට වීය.....

























මද වෙලාවක් ගත විය... ගලා ආ ජල පහරෙන් සිරුර යට වූයේ නැත..
අවම වශයෙන් තෙත් වූයේද නැත..
මුහුණ වසා සිටින දෑඟිලි අතරින් එබී බැලූ ටේහ්‍යොන්ට දැකගත හැකි වූයේ පෙර සේම නිසල විලයි. සෙමෙන් සෙමෙන් බිමට දෑස් යැවූ ඔහුට දැක ගත හැකි වූයේ ඔහුගේ දෙපා පාමුල නතර වූ සිහින් ජල රේඛාවකි..

කුතුහලයෙන් යුතුව එදෙස බලා සිටින විට වම් උරයෙන් නැගුන සිහින් දීප්තිය කිසිවෙකුගේත් ඇස් නොගැටී අතුරුදන් විය..

POISON_LOVE [✅]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ