☁1st Cloud ☁

881 178 326
                                    

අභිසෙස්...

හිරු රැස් සිනිදු වලාකුලු මත රන් පැහැ සිත්තම් අඳිද්දී ඔලිම්පස් කඳු මුදුනට තවත් එක් දවසක් උදාවිය..
මනුෂ්‍ය අපට ගිනි මෙන් දැනුනද ඔලිම්පස් කඳු මුදුනට හිරු දැනුනේ සෞම්‍යවය. රන් දියඇල්ලක් සේ පහලට ඇදී ආ කිරණ කදම්බය සියුස්ගේ ආසනය මතින් ගලාගෙන ගොස් දේව සභාවේ කේන්ද්‍රයෙහි වු පස් කොන් තරුවට එක්විය.

 රන් දියඇල්ලක් සේ පහලට ඇදී ආ කිරණ කදම්බය සියුස්ගේ ආසනය මතින් ගලාගෙන ගොස් දේව සභාවේ කේන්ද්‍රයෙහි වු පස් කොන් තරුවට එක්විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනදා සියලු පැහැයෙන් පූදින පුෂ්පයන් මෙදින රෝස ,සුදු පැහැයට හුරු වර්ණයන්ගෙන් සැදුම්ලත් විය....

කුඩා පියාපත් දරන දේවදූතයන් තරු කැට රිදි දම්වැල් වල අමුනමින් ඒ මේ අත පියාසැලුවේ දම්වැල් ගැටෙන නාදය පරදා නගන කින්කිනි සිනහවත් සමගය..

වෙනදා නොමැති අරුමය මන්ද..?

දේව සභාවේ රන් රෝස කැටයමින් පිරි මෙතෙක් කල් පුරා හිමිකරුවෙකු නොසිටි ආසනයට අද දින හිමිකරුවකු හිමිවනු ඇත..

ඔහුගේ මව පියා කවුරුන් දැයි කිසි කෙනෙක් නොදනි..
මිනිසුන් අතරේ කටකතා පැතිරෙනවාට වඩා වේගයෙන් දෙව්ලොව කට කතා පැතිරේ...මන්ද ඔවුන් සියලු දෙයින් සම්පූර්ණ වූ දෙවියන්ය.

පැතිරුනු නිල නොලත් වාර්ථාවලට අනුව ඔහු සියුස්ගේ පුත්‍රයෙකි. මව මනුෂ්‍යයෙකි...

නමුත් අර්ධ දෙවියෙක්ට කෙසේද දේව සභාවේ අසුනක් හිමිවන්නේ..?

ඔහු අබිසෙස් ලැබූවෙක්.. සඳ දෙව්දුවගෙන් හා හිරු කුමරුන්ගෙන් එකම වරකදී අභිසෙස් ලැබූ ප්‍රථමයා ඔහුයි.

එනිසාම බොහෝ දෙවියන් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි..

කටකතාව විනා සත්‍යක්ද අසත්‍යක්ද යන්න සියුස්ගේ ආදරණීය බිරිඳට නම් ඵලක් වූයේම නැත.. අසුනගත් වේලාවේ සිටම සියුස් වෙත එරවීමකින් සංග්‍රහ කළ ඇගේ සුන්දර මුහුණට එයින් යම් විරූපී බවක් ඇතිවී තිබුනි.

POISON_LOVE [✅]Where stories live. Discover now