☁11th cloud☁

301 136 69
                                    


ශාප ලද්දි 4
වෛර සිතුවිලි 2..........

මෙඩූසා ඉතාමත් සතුටින් ඇයට සිදු කිරීමට ලබා දුන් සියලුම දෑ සිදු කලා...
ඇය සිටියේ මහත් වූ නිදහසක් භුක්ති විඳිමින් ..

ඇතිනා සිටියේ තම සැලසුම සාර්ථක වීමේ සතුට භුක්ති විඳිමිනි..

එහෙත් මෙඩූසාගේ සතුටෙහි ආයුෂ කෙටි විය..

දිනක් ඇය පලතුරු නෙලීමට පිටතට ගිය අවස්ථාවෙ හමුවූයේ පොසයිඩ්න්‍ ය..

ඔහුහේ කාමුක දෑස්වලින් මිදීමට ඇය උත්සාහා දරද්දී... ඔහු ඇයව තම දෑස්වලින් රස වින්දේය.

මෙඩූසා ඇයි නුඹ මෙතරම් අහංකාර ....?

මට නිදහසේ සිටීමට ඉඩ දෙන්න පොසයිඩන් ...

නුඹඒ නිදහස ඇත්තේ මා අසලයි.. පූජකවරියක් වී ඔබේ ඔය සුන්දරත්වය කිසිවෙකුට රසවිඳීමට ලබා නොදෙන්නේ මන්ද..?

එයයි මාගේ බලාපොරොත්තුව...

ඔබට නව බලාපොරොත්තු ලැබේවි මාගේ බිරිඳ වුවහොත්..

මට නව බලාපොරොත්තු වලින් ඵලක් නැහැ පොසයිඩන් ...
ඔබගේ හිතේ මා ගැන ඇති බලාපොරොත්තු සුන් වීමට පෙර ඒවා නැති කරගන්න.

මෙඩූසා ...... ඔබ බෙහෙවින් අහංකාරයි..
මා ප්‍රිය කරන්නේ එයටයි.එවිට ඔබේ ඔය සුන්දරත්වය දෙගුන වී දිස්වේ.නමුත් අහංකාරයටද සීමා තිබිය යුතුය...
මට යමක් අවශ්‍ය නම් මා එය කෙලෙසක හෝ ලබා ගන්නවා

පොසයිඩන් ගිගිරුවේ මෙඩූසාගේ අතක් දැකිව අල්වා ගනිමිනි..

මගෙන් ඈත් වී සිටින්න.........

පොසයිඩන් දෙස රත්වූ දෑසින් බැලූ මෙඩූසා තම අත මුදවාගෙන දිවගියාය.

ඇය දිවයන දෙස බලා සිනහා නැගූ පොසයිඩන් .....

අප බලමු මෙඩූසා ඔබ මාගෙන් මිදෙන්නේ කෙසේ දැයි කියා..

පූජස්ථානයට දිව ගිය මෙඩූසා සිදු වූ සියල්ල  ඇතීනාට පැවසූයේ කඳුලු ගලන දෑසකිනි..

අප බලමු මෙඩූසා... දුක් නොවන්න..
මෙහි ඔබට රැකවරනය තිබේ

ඉතාමත් කෙටියෙන් පැවසූ ඇතීනා පිටව ගියේ මුව අගට නැගි සිනහවක්ද සමගිනි..

තමන්ට පිටුපා යන ඇතීනා දෙස මෙඩූසා බලාසිටි කුමක්දෝ අනාරක්ෂිත බවකින් තම ගත වෙලාගනිද්දීය.......

〰️〰️〰️

සවස්‍ යාමයේ මුහුදෙන් ගොඩබිමට පැමිණි පොසයිඩන් හට දැක ගත හැකි වූයේ ගසකට පිට දී තමා දෙස බලාසිටින ඇතීනාය.

සෙමෙන් පොසයිඩන්  අසලට පැමිනි ඇය ඔහුගේ සවනට ලන්ව

ඔබට අවශ්‍ය දෑ සිදු කිරීමට බාධාවක් නොමැත..........

මදහසක් මුවට නගාගත් පොසයිඩන් ඇතීනා දෙස දිදුලන දෑස් වලින් බලාසිටියේය ............

〰️〰️〰️

ඔවුන් කොයි තරම් පහත්ද.........?
කෙසේද ඔවුන් එලෙස ඇයට සිදු කරන්නේ....?

ටේහ්‍යොන් කෑගසමින් අසුනෙන් නැගිට්ටේට..

ටේහ්‍යොන් ...... ටේහ්‍යොන් .........
මා පෙරත් පැවසූවා..ඒ අතීතය ..එය වෙනස් කිරිම අපට සිදු කළ නොහැකි..
එනිසා කෝප නොගන්න.

කෙලෙසද කෝප නොවී සිටින්නේ මා......
ඇයට සිදුව ඇත්තේ කොයි තරම් අසාධාරණයක්ද...?

ඔබ දැන් දුක් වූවා සේ මාත් දුක් වූවා අතීතයේ............

Anjoගේ දෑසින් මිදුණු කඳුලු ඕක් ලීය මතට වැටුණි..

ඊලඟ වලාකුල ටිකක් දරුණු වෙන්න පුලුවන් ....☁💔
ගොඩක් දරුණු කරන්නේ නැහැ. හී



Author note ☁🍄

හායී ජම්බෝලස්........

මෙඩූසගේ අතිත කතාව ඉවර වෙන්න ලඟයි...
හිහිහී....
ඊට පස්සේ තව chapter  කීයක් හරි ගියාම කතාවත් ඉවරයි.
කීයක්ද කියලා මම නොදනී...😂

බායී
...................

Happy Jungkook Day...!•°•°•°🐰

Lan _Kimra

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lan _Kimra

ඉස්සරහා  chapter 6ක් type කරලා තියාගෙන උඩබලන් ඉන්න මම..😂🔫

POISON_LOVE [✅]Where stories live. Discover now