Last Chapter

506 88 68
                                    


ජංගුක් මින්හා දෙන්නා තවමත් හිටියෙ කාමරේ මුල්ලට වෙලා. ඒ අතර ජංගුක් කල්පනා කලේ කොහොමහරි එතනින් එලියට පැනගන්න ක්‍රමයක්. ඒ වෙලාවෙ ඔහු දැක්කෙ ඔවුන්ට පිටුපසින් තියෙන ජනේලයක්. ඒ ජනේලය කලින් ඔවුන් නොදැක්කෙ එහි වීදුරුව නොපෙනෙන තරමටම දූවිලි වැදී තිබුණ නිසයි.

"ආහ්.... අර වීදුරුව කැඩුවොත් අපිට එලියට යන්න පුළුවන් මින්හා."

ජංගුක් කෙල්ලගෙන් ඈත් වෙන්න හැදුවත් මින්හා නම් කොල්ලව අතෑරියෙ නෑ. කෙල්ල ඒතරම් තදින් කොල්ලව බදාගෙන හිටියෙ. ජංගුක් කෙල්ලව හෙමින් ඈත් කරලා එයාගෙ සපත්තුව ගලවලා වීදුරුවට ගැහුවෙ වීදුරුව ලොකු සද්දයක් සමඟින් කෑලි කෑලි වලට කැඩිලා යනකොට.

"ආආආ..... මොකක්ද ඒ සද්දෙ? අනේ නම්ජුනා නැගිටිනවකො."

පහල තට්ටුවේ හිටපු ජින්ට පවා ඒ සද්දෙ ඇහෙනකොට ජින් හිටියෙ බයවෙලා. අනිත් අයට කරදරයක් නොවෙන්න කියලයි ඔහු දිගටම ප්‍රාර්ථනා කළේ.

මේ අතරෙ ජංගුක් මින්හා වත් උස්සලා ජනේලෙන් එහා පැත්තට දාලා පොතත් අරගෙන එලියට ආවා. කැරපොත්තන්ගෙ කකුල් වලට සීරිලා මින්හාට සමේ ආසාදනයක් ඇති වෙලයි තිබුණේ. ඇත්තටම හිතනවට වඩා ඒක වේදනාකාරීයි වගේම අප්‍රසන්නයි. ඇරත් මේ මායා සත්තු නිසා සිදු වෙන අනතුරත් වැඩියි.

"අඬන්න එපා මැණික.... දැන් සේරම හරි. අපි ඉක්මනට මෙහෙන් යමු."

ජංගුක් කෙල්ලව බදා ගනිද්දි කෙල්ලත් ඔහුගේ පපුවට තුරුළු වුනේ අමාරුවෙන් වුනත් ඇඬිල්ල නවත්තගන්න ගමන්. කෙල්ලගෙ අතින් අල්ලගත්ත ජංගුක් කොරිඩෝ එක දිගේ පඩිපෙල පැත්තට දුවන්න පටන් ගත්තත් සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. 

"ආආආආ..... කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ?"

එකපාරටම කොරිඩෝ එක දෙපැත්තෙන්ම ගින්දර මතු වෙන්න පටන් ගනිද්දි ජංගුක් වගේම මින්හාත් හිටියෙ පුදුම වෙලා. එකපාරටම වුන දේට එයාලා සූදානම් වෙලා හිටියෙ නැහැ.

"අපි යමු ජංගුක්..... ඉක්මන් කරමු....."

මින්හා කියද්දි දෙන්නම දුවන්න පටන් ගත්තෙ ගින්දර මැද්දෙන්. කොච්චර අවධානම් වුනත් ඒ හැර වෙන දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් පඩිපෙල ගාවට එනකම්ම දුවගෙන ඇවිත් අන්තිමට පහලට බහින්න ලෑස්ති වෙනකොටම වහලේ කොටසක් කඩාගෙන වැටුණෙ පඩිපෙලේ ටිකක් දුර ඇවිත් තිබුණ ජංගුක්ගෙ ඇඟ උඩටයි.

The Magic Painting || JJK ✓Where stories live. Discover now