Chapter 11

397 89 63
                                    


"දැන් අපි මේ කොහෙටද යන්නෙ හොබී?"

"අර කට්ටඩියො දෙන්නා නැවතිලා ඉන්න ගෙදරට. එයාලා ගොඩක් දක්ෂ ප්‍රසිද්ධ අය කියලා තමයි කියන්නෙ."

යුංගි හොබී දෙන්නා හිටියෙ කට්ටඩියො දෙන්නව හම්බවෙන්න යන ගමන්. චිත්‍රෙ ඇතුලෙ ඉන්න අයව එලියට ගන්න එයාලට පුළුවන් වෙයි කියලා හොබීට ලොකු විශ්වාසයක් තිබුණත් යුංගි නම් වැඩිය ඒක ගණන් ගත්තෙ නෑ. ඒත් ඉතින් වෙන පිළියමක් නැති තැන එයත් මේක පිළිගත්තා.

ඩොක් ඩොක්....... ඩොක් ඩොක්......

"කවුද ඔය?"

ගෙදර ඇතුලෙන් කෙනෙක් කතා කරනකොට එයාට උත්තර දුන්නෙ හොබී.

"මේ මං හොබී කට්ටඩි තුමෝ. අපිට කරගන්න පොඩි වැඩක් තියෙනවා."

හොබී දොරට කන තියාගෙන කියද්දි ඇතුල එකපාරටම නිශ්ශබ්ද වුණා. හොබී යුංගි දෙන්නා මූණට මූණ බලාගත්තෙ මොකද වුනේ කියලා හිතාගන්න බැරුව. ඒත් එක්කම වගේ දොර ඇරුන විදිහට තව ටිකෙන් හොබී නවතින්නෙ බිම.

"ආයුබෝවන්..... මම මහා කට්ටඩි ටේ තුමාගෙ ඇසිස්ටන් ජිමින්. ඇතුලට එන්න."

"ජිමින්සි...... ඉක්මනට ඇතුලට එන්න කියන්න. ඔය හරියෙ අඳුරු බලවේග හිටියා."

ගේ ඇතුළෙ ඉඳන් ටේ කට්ටඩි තුමා කියද්දි හොබී ඉක්මනට ඇතුලට පැනගත්තෙ අඳුරු බලවේග වලටත් අහුවෙන්න ඕන නැති නිසා. හැබැයි යුංගි නම් සැක සහිත බැල්මකින් ජිමින් දිහා බලාගෙන තමයි ගෙට ඇතුළු වුනේ. 

ගෙදර පුරාම අමුතු චිත්‍ර එල්ලලා තිබුණා වගේම යාග පූජා වලට ගන්නවා කියලා හිතන්න පුළුවන් බඩු ගොඩක් තිබුණා. ඒ අතර කට්ටඩි තුමන්ලාගෙ ඇඳුම් කියලා හිතන්න පුළුවන් දේවලුත් ගේ පුරාම විසිරිලා තිබුණා. පුටුවක් උඩ තිබුණු කලිසමක් අතට ගත්ත යුංගි මූනත් ඇද කරගෙන ඒක හරව හරව බලනකොට එකපාරටම එයාගෙ අතින් කලිසම අරගත්තෙ මහා කට්ටඩි ටේ තුමා.

"ජිමින්සි....... මං කියලා තියෙනවා රෙදි හැමතැනම දාන්න එපා කියලා. අනික මගේ ඇසිස්ටන් හැටියට මේ ගේ අස් කරන්න ඕන නේද?"

ටේහ්යොන්ග් එයාගෙ අතේ තිබුණ කලිසම විසි කරපු පාර ඒක ගිහින් වැදුණෙ ජිමින්ගෙ මූණෙ. කොල්ලාගෙ මූණ බලන් ඉන්නැද්දි නරක් වුනේ කලිසමෙන් ආපු සුවඳට කියලා තේරුම් ගන්න යුංගිට අමාරු වුනේ නැහැ.

The Magic Painting || JJK ✓Where stories live. Discover now