Chapter 6

408 90 56
                                    


"මින්හා..... මින්හා........ කිඹුලි..... ඔයා හොඳින්ද? කතා කරන්නකො."

හතරදෙනාම චිත්‍ර ඇතුලට ඇදී යාමෙන් පසුව ඔවුන් වැටුණෙ ලොකු කැලෑවක් වගේ තැනකට. මින්හා ජංගුක් දෙන්නා එකම තැනට වැටුණෙ ජංගුක්ගෙ අත උඩින් මින්හාගෙ ඔලුව තියෙන විදිහට. එහෙම නොවුනා නම් මින්හාට ලොකු අනතුරක් වෙන්න තිබුණා. ඇත්තටම කිව්වොත් ඔවුන්ව චිත්‍ර ඇතුලට ඇදිලා යද්දිම ජංගුක් මින්හාව බදාගත්තා. 

"මං හොඳින් ඉන්නවා කුකී. අහ්....... අපි දැන් ඒක ඇතුලෙද ඉන්නෙ?"

"හ්ම්..... මං හිතන්නෙ ඔව්."

මේ දෙන්නා මෙහෙම ඉන්නකොට අනිත් දෙන්නාව වැටුණෙ ලොකු පඳුරක් උඩට. ජින් පඳුර උඩ ඉන්නකොට නම්ජුන් වැටුණෙ ජින්ගෙ ඇඟ උඩට.

"යාආආආ..... මගේ ඇඟ උඩින් අයින් වෙනවා. දෙයියනේ මගේ කොන්ද.... හම්මෝ මගේ කොන්ද කැඩිලද කොහෙද?"

"සොරි හියොන්...... ඒක නෙවෙයි ඔයා මට කිව්වෙ නෑනෙ මාලිගාව ඇතුලෙ කැලෑවක් තියෙනවා කියලා."

නම්ජුන් කිව්වෙ තාමත් චිත්‍රෙ ඇතුලට එයාලව ඇදිලා ආවා කියලා නොදැන. එයා හිතන් හිටියෙ මේක මාලිගාව ඇතුලෙම තැනක් කියලා. එතකොටම මින්හා ජංගුක් දෙන්නත් එයාලා හිටපු තැනට ආවා.

"මගේ සුන්දර මාලිගාව වන ලැහැබක් කලේ මොකාද දෙයියනේ?"

ජින් කිව්වෙ හිටපු තැනින් නැගිටලා වටපිට බලන ගමන්. පේන තෙක් මානෙක තිබුණෙ ගන කැලෑවක් විතරයි. ඔවුන් චිත්‍රෙ ඇතුලට ඇදිලා එද්දි උදේ කාලයක් තිබුණට දැන් තියෙන්නෙ තනිකර අඳුරක්. හරියට එකපාරටම සූර්ය ග්‍රහණයක් වෙලා වගේ.

"මේක ඔයාගෙ මාලිගාව නෙවෙයි හියොන්. අපි ඉන්නෙ අර චිත්‍රෙ ඇතුළෙ. මායි මින්හායි මෙහෙට ආවෙ ඒක හොයාගෙන තමයි. ඒක ඇතුලට කවුරු හරි ඇදිලා ගියොත් ආයෙ එලියට යන්න බැහැ. අපිට පිටින් පේන ලස්සන නෙවෙයි ඇතුලතින් තියෙන්නෙ කියලා අපි අහලා තිබුනා විතරයි. දැන් තේරෙනවා ඒක ඇත්ත කියලා."

ජංගුක් චිත්‍රය ගැන පැහැදිලි කරද්දි නම්ජුන් ජින් දෙන්නා මූණට මූණ බලාගත්තෙ බයවෙලා වගේ. ඇරත් මේ වගේ දෙයක් එයාලට විශ්වාස කරගන්න බැරුව ගියා. කොහොම විශ්වාස කරන්නද එයාලා දැන් ඉන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක කියලා.

The Magic Painting || JJK ✓Where stories live. Discover now