Chapter 10

396 87 30
                                    


ඩොක් ඩොක්...... ඩොක් ඩොක්........

"ක....ක.... කවුද ඔය? රාස්සයෙක්ද?.... මෙහෙ කවුරුත් නෑ....."

"මම ඔෆිසර් මින් යුංගි. මේ දොර අරිනවා මිස්ටර් ජන්ග් හෝසෝක්."

යුංගි හිටියෙ චුන්චොන් වල හෝසෝක්ගෙ ගෙදර ඉස්සරහා. දවස් ගානක් යනකනුත් ජංගුක් මින්හා දෙන්නාගෙන් කිසිම තොරතුරක් නැති නිසා එයා ගමට ගියේ එයාලව හොයන්න. ඒ අනුව යුංගිට දැනගන්න ලැබුණෙ එයාලා මෙහෙ නැවතිලා හිටියෙ හෝසෝක්ගෙ ගෙදර කියලා. ඉතින් යුංගි එහෙට ගියේ ජංගුක් මින්හා දෙන්නව හොයාගෙන.

කිහිප වරක්ම දොරට තට්ටු කලත් ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණෙ නැහැ. ඒත් ඉතින් ටිකක් වෙලා යනකොට කෙනෙක් කතා කලේ කැඩුණු කටහඬකින්. ඒ වෙන කවුරුත් නෙවෙයි හෝසෝක්. එදා චිත්‍රෙ ඇත්ත විස්තරේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ කොල්ලා ගෙදර දොරවලුත් වහලා ඇතුලටම වෙලා හිටියා. ආයෙ ඉතින් කිසිම දේකට ගෙදරින් එලියට නම් බැස්සෙ නෑ.

"ගෙදර කවුරුත් නෑ......"

"එහෙනම් ඔය හොල්මනක්ද? ඉක්මනට දොර අරිනවා මං මේක කඩන්න කලින්."

යුංගි දොරට පාරවල් දෙක තුනක් ගහද්දි යන්තං දොර ඇරිය හොබී ඔලුව විතරක් එලියට දාලා බැලුවෙ යුංගි දිහා. මෙච්චර අඟ හිඟකම් මැද්දෙ තමන් අමාරුවෙන් දාගත්ත දොරත් කඩාගන්න කොල්ලට ඕන වුණේ නැහැ. කොහෙද ඉතින් රජ යාලුවෙක් හිටියට එයාගෙන් කිසිම මූල්‍යමය සහයක් තිබුණෙ නැහැනෙ.

"ඇ.....ඇ....ඇයි ආවෙ?"

"මගේ ඔෆිසර්ස්ලා දෙන්නෙක් මෙහෙදි අතුරුදහන් වෙලා තියෙනවා. ඔෆිසර් ජොන් ජංගුක්, ඔෆිසර් කන්ග් මින්හා."

"ඉතින් ම....ම....මට කියන්නෙ?"

"ඒ දෙන්නා අන්තිමට නැවතිලා ඉඳලා තියෙන්නෙ ඔහේගෙ ගෙදර."

එහෙම කියන ගමන්ම යුංගි ගේ ඇතුලට ආවෙ හෝසෝක්වත් තල්ලු කරගෙන. ගේ වටේම හොඳට සෝදිසි කරපු යුංගි දැක්කෙ ජංගුක්ගෙ ෆෝන් එක.

"එයාලව දන්නෑ කිව්වෙ? එතකොට මේ මොකක්ද කියනවාආආආ..... නැත්තං මං තමුන්ව හිරේ දානවා."

The Magic Painting || JJK ✓Where stories live. Discover now