Chapter 1

694 104 65
                                    


"සියලු දෙනාම සීරුවෙන් සිටින්. දැන් ඔය හැමෝම දන්නවනෙ ඔහෙලව මෙතනට රැස් කලේ මොකටද කියලා. මං හිතනවා අර මොට්ට මිනිහෙක් ඇඳපු වදකාර චිත්‍රෙ ගැන ඔහෙලා සේරම දැනුවත් කියලා. දැන් ඉතින් මොක්කුද කැමති ඒක හොයන්න යන්න."

සෝල් පොලිස් ස්ථානයේ තවත් කලබලකාරී දවසක්. ප්‍රධාන පොලිස් පරීක්ෂක මින් යුංගි අද ඔහුගේ නිලධාරීන් කැඳවලා තිබුණෙ කෞතුකාගාරයෙන් එකපාරටම අතුරුදහන් වුන චිත්‍රය හොයන්න දෙන්නෙක්ව පත් කරගන්න. ඒත් නිලධාරීන් හැමෝම තමන්ගෙ බෙල්ල කසන ගමන් වටපිට බලන්න ගත්තෙ කිසිම කෙනෙක් වැඩේට ගිහින් නිකරුණේ මැරෙන්න අකමැති නිසා.

"දැන් ඔහෙලා එකෙක් වත් යන්නෙ නැද්ද?"

"අපේ හොඳම ඔෆිසර් විදිහට ඔබතුමාම ගියොත් නරකද?"

එක පොලිස් නිලධාරියෙක් කියනකොට යුංගි පවා ටිකක් අදිමදි කලේ මේකෙ බරපතල කම දන්න නිසාමයි. ඇරත් එයා ප්‍රධානියා වුන නිසා මේකට එයා යන්න ඕන නෑ කියලයි යුංගි හිතුවෙ.

"මං මෙතන ප්‍රධානියා හැටියට ඔහෙලට අණ දෙන්නෙ මම. ඉන්නවලකො මංම කෙනෙක්ව තෝරන්න."

යුංගි ඇස් කරකවන ගමන් පොලිස් ස්ථානයේ හැමතැනම බලනකොට එයාගෙ ඇස් දෙකට අහුවුණේ පිටිපස්සෙම පේලියට වෙලා කෙස් වලු පටලවගෙන ඉන්න එයාගෙ පිස්සු නිලධාරීන් දෙන්නෙක්.

"මගේ කොණ්ඩෙ අතාරිනවාආආ......මොට්ට කෙහෙල් ගෙඩියා."

"මුලින්ම මගේ බනානා මිල්ක් එක දෙනවා වැඳිරි......."

"ඔහේනෙ වඳුරා.....පේන්නෙ නැද්ද මේ කෙහෙල් කිරි බොන්නෙ වඳුරො විතරයි.... උගුඩුවා......"

පොලිස් නිලධාරීන් දෙන්නගෙ රණ්ඩුව දිහා හැමෝම බලන් හිටියෙ හිනාවෙන ගමන්. එතනට අලුත් නැති ඕනම කෙනෙක් දන්නවා මේ ඔෆිසර්ස්ලා දෙන්නගෙ පරම සතුට ඕක කියලා. හැබැයි මේකට පොඩ්ඩක් වත් කැමති නැති කෙනෙකුත් බලන් හිටියෙ ඇස් වලින් ගිනි පිට කරන ගමන්.

"තමුන්ලා දෙන්නාආආආ...... දැන්ම ඔය මොන්ටිසෝරි රණ්ඩුව නවත්තනවාආආආ........"

යුංගි අතින් මේසෙට පාරක් ගහලා කියනකොට ඒ දෙන්නත් රණ්ඩුව නවත්තලා පිලිවෙලට හිටියෙ නපුරු මකර අධිරාජ්‍යයා වගේ ඉන්න යුංගිගෙ ගින්නෙන් පිච්චිලා යන්න බැරි නිසා. 

The Magic Painting || JJK ✓Where stories live. Discover now