"මේ.... මේ.... මේ එතන තමයි."
ජින් කිව්වෙ ඉස්සරහින් පේන මාලිගාව දිහා බලාගෙන. ඒත් ඉතින් තාමත් අනිත් අයට නම් ඒ කියපු දේ තේරුණේ නැහැ.
"මොකක්ද ජින් හියොන්?"
"කුකියා හොඳට ඇස් දෙක ඇරලා බලනවාකො.... මේ තියෙන්නෙ මගේ මාලිගාව."
ජින් කියපු ගමන් අනිත් අයත් ගොඩක් උනන්දුවෙන් ඒ දිහා බලන්න පටන් ගත්තා. එතකොට තමයි ඔවුන්ටත් ඒ තැන හරියටම අඳුරගන්න පුළුවන් වුනේ. ඇත්තටම ජින්ගෙ මාලිගාවට වඩා ගරා වැටිච්ච අබලන් වුන පෙනුමක් තමයි මේ මාලිගාවට තිබුණෙ. ඒත් ඉතින් මොන තත්වයෙන් වුනත් ජින් නම් ඉක්මනටම තමන්ගෙ මාලිගාව අඳුරගත්තා.
"ඒ කියන්නෙ අපි මාලිගාවෙ චිත්‍රෙ තියෙන තැනට ගියොත් එලියට යන්න පුළුවන් වෙයි නේද?"
ජංගුක් කිව්වෙ චිත්‍රෙ ඇතුලෙත් කලින් වගේම මාළිගාවක් තියෙනවා නම් මෙතන ඒ වගේම චිත්‍රයකුත් ඇති කියලා හිතුන නිසා. මේ වෙලාවෙ හැමෝටම හිතුනෙ චිත්‍රෙ හොයා ගත්තොත් එලියට යන්න පුළුවන් වෙයි කියලා විතරයි.
කට්ටියම ඉක්මනින් මාලිගාවෙ කුස්සිය පැත්තට ගියේ ජින්ගෙ පසුපසින්. එයාලා කලින් තැනම චිත්‍රෙ ඇති කියලා විශ්වාස කලා වගේම ඇත්තටම එතන හරියටම චිත්‍රය තිබුණා.
"ආආආ..... ඒ කියන්නෙ දැන් අපි ගෙදර යනවා නේද? අනේ දෙයියනේ මගේ පරපුරට ස්තූති වන්ත වේවා."
ජින් සතුටින් කෑගහන අතරෙ ජංගුක් මින්හා දෙන්නා චිත්‍රය අල්ලලා බැලුවා. කලිනුත් දොරටුව ඇරුණෙ ඒ විදිහට කියලා ඔවුන්ට හොඳටම මතකයි. ඒත් මේ පාර නම් දොරටුව ඇරෙන පාටක් තිබුණෙ නෑ.
"ආශ්.... ඇයි මොකුත් වෙන්නෙ නැත්තෙ?"
මින්හා කිව්වෙ බිම තිබුණ ගලකට පහර දෙන ගමන්. මෙච්චර කරදර වලට මුහුණ දීලා හරි තැනට ආවට පස්සෙත් එලියට යන්න බැරි එක ගැන ඇයට තරහක් තිබුණා. ඒත් එක්කම මින්හා පයින් ගහපු ගල ගිහින් වැදුනෙ චිත්‍රෙට කියලා කාටවත් ලොකුවට තේරුණේ නැහැ.
"හහ් හහ් හා....... හහ් හහ් හා........"
එකපාරටම ඔවුන්ට ඇහෙන්නෙ කවුරු හරි හිනාවෙන සද්දයක්. ඒ හිනාව තුල හරිම අත්භූත ගතියක් පිරිලා තිබුණා වගේම හැමෝටම ඒ ගැන හොඳක් දැණුනෙ නැහැ. ටික වෙලාවකින් ජින්ගෙ බෙල්ල වටේ තිබුණු නම්ජුන්ගෙ අත් දෙක කඩාගෙන වැටෙනකොට කට්ටිය තවත් කලබල වුනා.
YOU ARE READING
The Magic Painting || JJK ✓
Fanfiction"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...." හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භයානක මායා චිත්‍රයක් ඇතුළෙ......