මාලිගාවේ ගේට්ටුව ඇරගෙන කෙනෙක් හති දාගෙන දුවගෙන ආවෙ එයා හොඳටම පරක්කුයි කියලා දන්න නිසාමයි. ඒත් ඉතින් මේ වගේ පරක්කු වීම් ජින්ට හොඳට පුරුදුයි. ජින් අත් දෙකත් බැඳගෙන බලන් හිටියෙ ඒ කෙනා එනකම්.
"ඕහ්..... ආආ....ඕ..... සමාවෙන්න..... ජින් හියොන්.... හහ්..... හහ්...... චුට්ටක් පරක්කු වුණා."
"චුට්ටක්? හොඳ චුට්ට.... මං උදේට කන්න ඕනෙ දවල්ට කන වෙලාවටද ආආ? මෙහෙම නිරාහාරව ඉඳලා මගේ ලස්සන මූණ කැත වුනොත් ඔහේ ඒවාට වග කියනවද?"
ජින් එකදිගටම කියාගෙන යද්දි ඒ කෙනා බිම බලාගෙන අහගෙන හිටියෙ දැන් ඉතින් ඔය රැප් එක අහගෙන ඉන්න වෙනවා කියලා දන්න නිසාමයි. කොල්ලා රැප් එක කියලා ඉවර වුන ගමන්ම එයා නිදහසට කරුණු කියන්න පටන් ගත්තා.
"සොරි ජින් හියොන්........ මං එන්න හදනකොටම බත් මුට්ටිය බිම වැටුණා. ඉතින් ආයෙ අලුතින් උයන්න වුණා."
ඒ කෙනා පුංචි හිනාවකුත් දාලා කියද්දි ජින් හිටියෙ දැන් බැදපු පපඩමක් වගේ පුපුරණ ගමන්. හැම දවසකම මොකක් හරි විනාසයක් කරගෙන තමන්ගෙ කෑම වේල පරක්කු කරන එක කොල්ලාගෙ දින චර්යාවෙම කොටසක්.
"යාආආආ....... කිම් නම්ජුන්.... තමුන් කී සැරයක් ඔය වගේ වැඩ කලාද? ඊයේ කිව්වා හැන්ද කැඩුණා කියලා.... පෙරේදා කිව්වා ඔම්මගෙ කකුලට වංගෙඩියක් වැටුණා කියලා. අනේ මන්දා.... මෙහෙ දෙනවා කෑම එක."
ජින් නම්ජුන්ගෙ අතේ තිබුණ කෑම එකත් උදුරගෙන එයාගෙ කාමරේට ගියේ ඒක තියලා එන්න කියලා හිතාගෙන. ඒත් එයා එකපාරටම දකින්නෙ මාලිගාව ඇතුලෙන් අමුතු එළියක් එනවා. ඇස් දෙකත් පුංචි කරලා ඇතුල බලාගෙන හිටපු කොල්ලා දැක්කෙ ඒ නිල් පාට එලිය එන්න එන්නම වැඩි වෙනවා කියලා.
මේ අතරෙ ජංගුක් හිටියෙ කලබලෙන් එහෙට මෙහෙට දුවන ගමන්. මාලිගාව ඇතුලෙ කාමර ගොඩක් තිබුණ නිසා ඒවා එකින් එකට ගිහින් පරීක්ෂා කරන එක ලේසි වැඩක් නෙවෙයි. කොල්ලා දැනටමත් කාමර සෑහෙන ප්‍රමාණයක් පරීක්ෂා කලත් චිත්‍රය ගැන කිසිම හෝඩුවාවක් හම්බුනේ නැහැ.
"ආශ්...... මේක කොහෙද? මට නම් තේරෙන්නෑ......."
එතකොටම කොල්ලට ඇහෙන්නෙ එලියෙන් කවුරු හරි කතා කරන සද්දයක්. ඒ කෙනා ජින් කියලා අඳුරගන්න එයාට අමාරු වෙන්නෙ නෑ.
YOU ARE READING
The Magic Painting || JJK ✓
Fanfiction"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...." හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භයානක මායා චිත්රයක් ඇතුළෙ......