Chapter 13

366 82 56
                                    


ජංගුක් ඔහුගේ තීරණය වෙනස් නොකර බිත්තිය කඩලා බලන්න තීරණය කලා. ඔහුට පවා මේකෙන් වෙන නරක දේවල් මොනවද කියලා හිතාගන්න බැරි වුනත් ගෙදර පහලට කඩාගෙන වැටිලා මැරෙනවට වඩා ඒ ඕනම දෙයක් හොඳයි කියලා ඔහු විශ්වාස කළා.

"නම්ජුන් හියොන්.... ඔය සපත්තුව මෙහෙට දෙන්න."

නම්ජුන්ගෙන් සපත්තුව ඉල්ල ගත්ත ජංගුක් ඒක පාවිච්චි කරලා බිත්තිය තවත් ඇතුලට හාරන්න පටන් ගත්තා. ටිකක් වෙලා එතන හාරනකොට ඇතුල හිස් අවකාශයක් කියලා තේරෙන්න පටන් ගත්තා. ඉතින් ජංගුක් මින්හාගෙ සපත්තුවෙන් වගේම ඔහුගේ කකුලෙනුත් එකදිගටම බිත්තියට ගහන්න පටන් ගත්තෙ මෙතනින් එලියට යන්න ක්‍රමයක් අනිවාර්යයෙන්ම මෙතන ඇති කියලා විශ්වාසයක් ඇති වුන නිසා.

"ආහ්.... මං හිතන්නෙ මෙතනින් එලියට යන්න පුළුවන් වෙයි. ඔයාලත් උදව් වෙන්න."

"නම්ජුනාආආආ..... ගිහින් වැඩ කරනවා. මහරජ කෙනෙක් හැටියට මම වැඩ කරන්නෙ නෑ."

ජින් කිව්වෙ ඔහුගෙ ඔළුවත් ටිකක් ගාම්භීරව ඔසවන ගමන්. ඒත් ඉතින් නම්ජුන් ජින්ට ඇද කලේ ඔහුට නොපෙනෙන අයුරින්. ඒක දැක්කා නම් අපහාස කළා කියලා තවත් මොකක් හරි අහගන්න තිබුණා එයාට.

"මහරජතුමනි වඩින්න.... මෙතනට ඇවිල්ලා අපිට මේකට උදව් කරන්න. නැත්නම් රජ වෙන්න කලින් ස්වර්ගස්ථ වෙන්න පුළුවන්."

නම්ජුන් ටිකක් උස් හඬින් කියනකොට ජින් වුනත් එතනට ගිහින් කකුලෙන් බිත්තියට ගහන්න පටන් ගත්තෙ මේ වගේ චිත්‍රයක් ඇඳපු කෙනාට හිතින් ශාප කරන ගමන්. මේ වෙලාවෙ රජ කමක් ගැන හිතනවට වඩා එතනින් එලියට යන්න ක්‍රමයක් හොයාගන්න එක කොහොමත් වැදගත් වුණා.

"ආ.... මෙන්න සපත්තුව."

බිත්තියට ගහලා ඉවර වෙලා ජංගුක් මින්හාට එයාගෙ සපත්තුව දුන්නෙ සපත්තුව දිහාවත් කෙල්ල දිහාවත් බලන්නෙ නැතුවමයි. කොල්ලගෙ ඇස් තවමත් තිබුණෙ කුතුහලයෙන් පිරුණු කළු කුහරයේ ගිලිලා. ඒත් ඉතින් ඔහුගේ අවධානය වෙනස් වෙන්නෙ අනපේක්ෂිත කෑගැසීමක් නිසා.

"ආආආආආආ........"

ලොකු කෑගැහිල්ලක් ඇහෙනකොට වෙනම ලෝකෙක හිටපු ජින් හිටියෙ නම්ජුන්ගෙ කරේ. ජින්ගෙ බර දරාගන්න බැරි වුණ නම්ජුන් ලොකු ඕක් ගහක් වගේ බිම ඇදගෙන වැටෙනකොට ජංගුක්ව ඒ සද්දෙ නිසාම ටිකක් පැත්තට විසිවෙලා ගිහින් තිබුණා. ඒත් සද්දෙ ආවෙ වෙන කොහෙන්වත් නෙවෙයි එයාලා අතරින්මයි, ඒ මින්හා.

The Magic Painting || JJK ✓Where stories live. Discover now