Chapter 9

375 79 51
                                    


"යාආආආ..... ජින් හියොන් මොනාද කරන්නෙ? මේවා වසද දන්නෑ."

"දැන් ඉතින් මොනා වුනත් කරන්න දෙයක් නෑ නම්ජුනා. මගේ බඩේ පනුවො ටික මැරුණොත් මං බඩගින්නෙ ඉඳලා. මගේ රජ කමටත් අපහාසයක් ඒක."

ජින් කිව්වෙ කැවිලි සේරම අරගෙන එයාගෙ බඩ පුරවගන්න ගමන්. කොල්ලට තිබුණ බඩගින්නෙ හැටියට මේවා වහ වුණත් නොවුනත් එයාට ඒකෙන් වැඩක් වුනේ නැහැ. ටිකක් වෙලා රස කර කර කෑම ටික කාපු ජින් දිහා නම්ජුන් බලාගෙන හිටියෙ මොකක් හරි වෙනසක් වෙනවද කියලා. හදිස්සියක් වුනොත් කරන්න දෙයක් වත් නොදැන නම්ජුන් කටත් ඇරගෙන ජින් දිහා බලන් හිටියා.

"යාආආආ..... ඔහොම බලන් ඉන්නවද මහ රජ කෙනෙක් කෑම කනකොට. මට බඩේ අමාරුවක් වත් හැදෙයිද දන්නෑ."

ජින් කිව්වෙ නම්ජුන් ලඟින් ඈතට ගිහින් අනිත් පැත්ත හැරෙන ගමන්. ඒත් නම්ජුන් ආයෙත් දුවගෙන ගියේ ජින්ගෙ ඉස්සරහට.

"හියොන්.... ඔයාට අමාරුවක් නැද්ද?"

"එහෙම නෑ නම්ජුනා.... මේවා ගොඩක් රසයි. මං හිතන්නෙ මේවා විෂ නැහැ."

ජින් කියද්දි නම්ජුන් පවා කෑම වලින් ටිකක් කාලා බැලුවම එයාටත් තේරුණා මේවා විෂ නැහැ කියලා. ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා ඉක්මනට කෑම වර්ග ටිකකුයි වතුරයි එකතු කරගත්තෙ ඉස්සරහට ඒවා එයාලට වැදගත් වෙන නිසා. 

මේ අතරෙ මින්හා ජංගුක් දෙන්නා කාන්තාරයේ සෑහෙන දුරක් ඉස්සරහට ඇවිත් තිබුනා. කොච්චර ලොකු තිබහක් තිබුණත් මින්හා ජංගුක්ගෙ යෝජනාවට අකමැති වුණ නිසා එයාලට වෙන කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ.

"ඔහේ නිසා තමයි මම මැරුණොත් මැරෙන්නෙ මොට්ට කිඹුලි."

"මං මොනවා කරන්නද? ඔහේට මමද කිව්වෙ පැනලා මම යන්නම් යුංගි සර් කියන්න කියලා."

"ඒ වුණාට ඔහේ මට කිස් එක දුන්නා නම් ඉවරයිනෙ. ඇයි එකක් දුන්නා කියලා ඔහේ මැරෙනවද?"

"අනේ මේ මගෙන් මොකුත් අහගන්න එපා හාවො. මේ අහල පහලක ගලක් එහෙම තිබුණා නම් ඔහේගෙ ඔලුව ඉවරයි කියලා හිතාගන්නවා."

The Magic Painting || JJK ✓Where stories live. Discover now