Chapter 15

372 82 46
                                    


ජින්, නම්ජුන්, මින්හා, ජංගුක් හතරදෙනාම කළු කුහරය ඇතුළට යන්න පටන් ගත්තා. පඩිපෙළක් බහින්න තිබුණ නිසා එයාලට නොවැටී යන්න නම් ගොඩක් කල්පනාකාරී වෙන්න වෙනවා. අත් වැටක් වත් නොමැති නිමක් නොතේරෙන පඩිපෙලකින් කොයිතරම් කාලයක් යන්න වෙයිද කියලා ඔවුන්ට හිතාගන්න බැරි වුණා. ඇත්තටම කියනවා නම් කිසිම දෙයක් නොපෙනෙන එකත් ලොකුම ප්‍රශ්නයක්.

"ආආආආ....... "

සාමකාමීව වගේම නිශ්ශබ්දව ගමන් කරපු කට්ටිය එකපාරටම කලබල වෙන්නෙ මින්හා කෑගහපු නිසා. අඳුර නිසා මොකුත්ම පේන්නෙ නැති වුනත් ජංගුක් නම්ජුන් දෙන්නම කෙල්ලගෙ අත තදින් අල්ලගත්තා.

"මොකද..... මොකද මින්හා වුනේ? ඇයි කෑගැහුවෙ?"

ජින් ඇහුවෙ මින්හා හිටියෙ එයාගෙ ලඟ නොවන නිසා. පඩිපෙල දිගේ පහලට බහින එක නතර කරලා එයාත් මින්හා හොඳින්ද කියලා හොයන්න පටන් ගත්තා. 

"මා.... මාව කවුරු හරි බදාගත්තා."

හෙමින් හෙමින් වචන පැටලෙමින් මින්හා කිව්වෙ කරුවලේම එයාව කවුරු හරි බදාගත්තා කියලා. මේ වගේ තැනක ඒ ගැන කාටවත්ම හොඳක් දැණුනෙ නෑ. ඒත් ඉතින් මින්හා ඒ කතාව කියනවත් එක්කම බදාගෙන හිටපු කෙනා අයින් වුණා කියලා ඇයට තේරුණා.

"ආආ..... අන්න... අන්න එයා අයින් වුණා."

"යාආආආ.... මෝඩ කිඹුලි... ඔයාව බදාගත්තෙ මම."

ජංගුක් කිව්වෙ පොළොවෙ අඩි හප්පන ගමන්. කිසිම දෙයක් නොපෙනුනත් එයා අඩි හප්පන සද්දෙ නම් හොඳටම ඇහුනා. ජංගුක් ඒක කියපු ගමන්ම ජින් නම්ජුන් දෙන්නා හිනාවෙන්න පටන් ගත්තෙ ජින්ගෙ වීදුරු පිහින හිනාව කළු කුහරය ඇතුලෙ දෝංකාර දෙද්දි.

"යාආආ... දැන් මොකටද හිනා වෙන්නෙ? කිඹුලිට කරදරයක් වෙයි කියලා හිතලනෙ මම බදාගත්තෙ. නැතුව මං මේ කිඹුලිට තියෙන ආදරේකට කලා නෙවෙයි."

"ආහ්..... එහෙමද? ඒ වුණාට කුකීට කෙල්ල ගැන ආදරේ හිතෙන්නෙත් මාර වෙලාවට නේද නම්ජුනා."

ජින් කිව්වෙ නම්ජුන්ගෙ උරහිසට ගහන ගමන්. ඒත් තව ටිකක් එහෙමෙහෙ වුණා නම් නම්ජුන් පඩිපෙලෙන් බිම තමයි නතර වෙන්නෙ.

The Magic Painting || JJK ✓जहाँ कहानियाँ रहती हैं। अभी खोजें