Chapter 20

377 84 66
                                    


"මො.... මො.... මොකක්ද අර කලින් කිව්වෙ?"

මින්හා ඇහුවේ ජංගුක් කියපු දේ හොඳටම ඇහිලත් ඒක විශ්වාස කරගන්න බැරුව. අඬ අඬ තමන්ට බෙහෙත් දාන කොල්ලෙක් විහිළුවට ඔහොම දෙයක් නොකියන බව ඇයට සිතුණා.

"මොකක්ද?"

"ඇයි අර කලින් මගේද මොකක්ද කිව්වෙ."

"මං එහෙම එකක් කිව්වද? මට මතක නෑනෙ."

ජංගුක් කිව්වෙ කට කොනින් හිනාවෙන ගමන් මින්හා දිහා බලාගෙන. ඔහු කිසිසේත්ම එකපාරක් කියපු දෙයක් ආයෙත් නම් කියන එකක් නැහැ. මින්හාගේ තුවාල වලට බෙහෙත් කරලා ඉවර වුනාම ජංගුක් කෙල්ලවත් හෙමින් උස්සලා නැගිට්ටෙව්වා. ඊතල පහර නිසා ඇය හිටියෙ ටිකක් ඇවිදින්න අපහසුවෙන්. ඊතලය වැදුණෙ පපුවට වුනත් ඇවිදිනකොට පපුව ඇදුම් කන්න පටන් ගත්තා.

"ආආආආහ්......"

"තනියම යන්න හදන්න එපා. මාව අල්ලගෙන හෙමීට ඇවිදින්න."

ජංගුක් කිව්වෙ මින්හාගෙ අත ඔහුගේ කර වටින් දාගන්න ගමන්. ඒත් මින්හා නිසා ඔවුන් ප්‍රමාද විය හැකියි.

"මං නිසා අපිට පරක්කු වෙයි කුකී. ඔයා මාව මෙතන තියලා යන්න."

"පිස්සුද ආආ... තමුන්ව මේ භූත ගුහාව ඇතුළෙ තනියෙන් තියන්න බෑ. කට වහගෙන මාත් එක්ක යමු."

ජංගුක් තද ස්වභාවයකින් කියද්දි මින්හාට වුනත් ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වුනා. දෙන්නම හෙමින් සැරේ පඩිපෙලෙන් උඩට නැග්ගෙ පොත හොයාගන්න ඕන නිසා. පහල තට්ටුවේ එහෙම දෙයක් නැති බවට ඔවුන්ට විශ්වාසයක් තිබුන නිසා උඩ තට්ටුව මුලින්ම සෝදිසි කරන්නයි ඔවුන් තීරණය කරගත්තෙ.

මේ අතර ජින් හිටියෙ නම්ජුන්ගෙ ඔලුවට තෙත රෙදි කෑල්ලක් තියාගෙන ඔහුගේ උණ බස්සන්න උත්සාහ කරන ගමන්. නම්ජුන් හුස්ම නොගන්න නිසා කොයිතරම් බය වුනත් තාමත් ඔහු ජීවත් වන බවට විශ්වාසයක් තිබුණා. 

"ඉක්මනට නැගිටිනවා නම්ජුනා. ඔහේගෙ අර පණ්ඩිත කතා නැතුව මට පාළුයි. බඩු කඩන්න කෙනෙක් නැති වුනාම මම කොහොමද මාලිගාව අලුත් බඩු වලින් පුරවන්නෙ?"

The Magic Painting || JJK ✓Where stories live. Discover now