මින්හා ජංගුක් දෙන්නා හිටියෙ කැලෑවෙන් එලියට ඇවිල්ලා. එතනින් එලියට ආවට පස්සෙයි එයාලා දැක්කෙ මෙතන රාත්‍රී කාලයක් තිබිලා නෑ කියලා. තාමත් හොඳටම දවල් කාලයක් කියලා එයාලට පෙනුනත් අහස වැහි අඳුරකට යටවෙලා වගෙයි තිබුණෙ.
"මින්හා..... ඔයාට කොහොමද දැන්?"
"ප්‍රශ්නයක් නැහැ කුකී..... අනිත් දෙන්නා කොහෙද?"
මින්හා කියද්දි තමයි ජංගුක්ටත් නම්ජුන් ජින් දෙන්නව මතක් වුනේ. එයාලා දෙන්නව කැලෑව ඇතුලෙදි මඟෑරිලා කියලා දැනුයි දෙන්නට තේරුනෙ.
"මං හිතන්නෙ එයාලව අපිට මඟෑරිලා. අපි මෙතනින් ටිකක් ඉස්සරහට ගිහින් බලමු මින්හා."
ජංගුක් එහෙම කියද්දි මින්හා ඔලුව වැනුවෙ කොයි වෙලාවෙ හරි නම්ජුන් ජින් දෙන්නත් කැලෑවෙන් එලියට එයි කියලා හිතුන නිසා. දෙන්නම එයාලා හිටපු තැනින් ඉස්සරහට ගියේ චිත්‍රෙන් එලියට යන්න ක්‍රමයක් හොයා ගන්නත් ඕන නිසා.
මේ අතරෙ නම්ජුන් ජින් දෙන්නත් හිටියෙ කැලෑවෙන් එලියට ඇවිත්. කැලෑව ලඟ බිම ඉඳගෙන දෙන්නම ඔහේ කල්පනා කර කර හිටියෙ වෙන කරන්න දෙයක් මතක් නොවුන නිසා.
"මොකක්ද දැන් කරන්නෙ ජින් හියොන්?"
"මම දන්නවැයි. මං වගේ මහරජ කෙනෙක්ට මෙහෙම ඉන්න සිද්ධ වුනානෙ."
ජින් කිව්වෙ කම්මුලට අතත් තියාගෙන. එයාගෙ බඩ කෑගහන සද්දෙ නම්ජුන්ට පවා ඇහුනා. ජින් හිටියෙ ලොකු බඩගින්නක කියලා තේරුම් ගන්න එයාට අමාරු වුනේ නැහැ. නම්ජුන් එයා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා වටපිට බලන්න පටන් ගත්තා. එතකොටයි එයා දැක්කෙ ඔවුන් ඉන්නෙ කන්දක් උඩ කියලා. කන්දෙන් පහල ලස්සන ගංගාවක් ගලාගෙන ගියා වගේම ගම්මානයකුත් තියෙනවා කියලා ඔහුට පෙනුනා.
"ජින් හියොන්..... මං හිතන්නේ පහල ගමක් තියෙනවා. අපි එහෙට ගිහින් බලමු ද?"
නම්ජුන් කියද්දි ජින් ඉක්මනට නැගිටලා ආවෙ මේ වෙලාවෙ කොහෙන් හරි කමක් නෑ එයාගෙ බඩ පුරවගන්න ඕන කියලා හිතුන නිසා. නම්ජුන් ජින් දෙන්නත් එක්ක එකතු වෙලා කන්ද දිගේ පහලට තියෙන පාරකින් ගමට යන්න පටන් ගත්තා.
YOU ARE READING
The Magic Painting || JJK ✓
Fanfiction"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...." හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භයානක මායා චිත්රයක් ඇතුළෙ......