Chapter 2

477 99 112
                                    


ජංගුක් සහ මින්හා නැවතත් ඔවුන් නැවතීමට තෝරා ගත් හොටෙල් එකට ආවා. මින්හා ඔවුන් දෙදෙනාගේ කෑම අරගෙන එනකොට ජංගුක් කලේ කෞතුකාගාරයෙන් ලැබුණු තොරතුරු පිලිවෙලට ගොනු කරන එක. ඔහුට ලැබුණු ලිපි ඔහු එකින් එක ගලපන්නට උත්සාහ කලා.

"හාවො......... මේක කාලා ඉන්නවා."

මින්හා ඇය රැගෙන ආපු රාමෙන් කප් එක ඔහුට දික් කරන ගමන් කියනකොට ජංගුක් බලන් හිටියෙ මූනත් නරක් කරගෙන. නමුත් ඔහු එහෙම ඉන්න හේතුවක් ඇයට වැටහුණේ නැහැ.

"ඇයි? මොකක් හරි විස්තරයක් හම්බුනාද?"

"නෑ......"

"එහෙනම්?"

"මට බියර් ටින් එකක් ගෙනත් දෙනවකො. පහලට බහින්න කම්මැලියි."

ජංගුක් කටත් එහෙට මෙහෙට හරව හරව කියනකොට මින්හා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ තරහින්. එසැනින් ඇය ඔහුගේ ඔලුවට ටොක්කක් ඇන්නා.

"ආව්...... මොකද ඕයි හැමවෙලේම ඔලුවට අනින්නෙ?"

"තමුන් දැන් ඔක්කොම වැඩ තියෙද්දි බොන්නද හදන්නෙ? අර ලෝභ බළල් තඩියා මට වෙන කාමරයක් ගන්න සල්ලි දුන්නෙත් නෑ. ඔහේ විතරක් නෙවෙයි මෙතන මමත් ඉන්නවා."

"ඇයි බබා...... ඔයාට බය හිතුනද? මම ඔයාට ගොඩක් රිද්දන්නෙ නෑ."

ජංගුක් කට කොනින් හිනාවෙන ගමන් කියනකොට මින්හා හිටියෙ තරහින් පුපුරන ගමන්. නොකිව්වට කෙල්ලට පොඩි බයකුත් තිබුණා. කිව්වා වගේම මේ අලි හාවා මොකක් හරි නසරාණි වැඩක් කලොත් එහෙම.

"යාහ්....... වල් හාවා..... තමුන් නම් මහ. ඔහේ අද බීලා තිබුණොත් මම කැප්ටන් යුංගිට කෝල් කරලා කම්ප්ලේන් කරනවා."

"වැඩක් නෑ බබා...... අද කැප්ටන් යුංගි නිදාගන්න දවස."

ජංගුක් මින්හාට විහිලු කර කර ඉඳලා නැවතත් එතන තිබුණ ලිපි වලට අවධානය යොමු කලේ රාමෙන් එකත් කන ගමන්මයි. ඒ අතරෙ ඔහුට විශේෂ දෙයක් නිරීක්ෂණය වෙන්න පටන් ගත්තා.

"මින්හා........ මේ බලන්න මේක........"

තමන්ගෙ ලඟම හිටගෙන හිටපු කෙල්ලගෙ අතින් ඇද්ද පාර කෙල්ල හිටියෙ කොල්ලාගෙ උකුල උඩ. දෙන්නටම ඒක ලොකු ගානක් වුනේ නැහැ. මොකද මේ වෙලාවෙ එයාලා හිටියෙ ඇත්තටම උනන්දුවෙන් වැඩ කරන ගමන්. 

The Magic Painting || JJK ✓Where stories live. Discover now