Chapter 4

442 99 133
                                    


මින්හා ජංගුක් දෙන්නා රෑ කෑමෙන් පස්සෙ තමන්ට හම්බුන කාමරේට වෙලා හිටියා. ඒත් ඉතින් දෙන්නටම ඕන වුණේ එහාපැත්තෙ කාමරේ මොකද වෙන්නෙ කියලා බලන්න. වැඩියෙනුත් එක්ක ඕක තිබුණෙ මින්හාට. ඉතින් කෙල්ල හෙමින් සැරේ තමන්ගෙ කාමරේට එහාපැත්තෙ තිබුණ ජංගුක්ගෙ කාමරේට යන්න පටන් ගත්තා.

"අර මොට්ට හාවා බියර් හට්ටියක පීනනවද දන්නෑ මෙලහකට."

මින්හා හෙමින් ජංගුක්ගෙ කාමරේ දොරේ යතුරු හිලෙන් ඇතුල බැලුවෙ කොල්ලා මොකද කරන්නෙ බලන්න. ඒත් ඉතින් පේන හැටියට නම් කවුරුත් ඇතුළෙ හිටියෙ නෑ.

"මොනාද බලන්නෙ බබා?"

"ආආආආ........."

මින්හාගෙ කන ලඟින්ම කාගෙ හරි කටහඬක් ඇහෙනකොට කෙල්ලට කෑගැස්සුනා. වෙලාවට ජංගුක් කෙල්ලගෙ කට තද කරලා වහගත්තා. නැත්නම් ඉතින් හෝසෝක් මෙතන ඉඳියි තවත් මොකක් හරි විකාර කතාවකුත් හදාගෙන. හරියට කලින් ඒ දෙන්නව කසාද බන්දලා ළමයෙකුත් හැදෙව්වා වගේ.

"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා."

"තමුන් මොකටද මට හොල්මන් පෙන්නන්න ආවෙ ආආ..... මං බය වුනා හොඳටම."

"ඉතින් මගේ කිඹුලි මොකටද කොල්ලන්ගෙ කාමර වලට එබෙන්න ගියේ? මං නැතුව ඉන්නම බැරිද බබා?"

ජංගුක් කට කොනින් හිනාවෙලා කියනකොට මින්හා කලේ කොල්ලාගෙ මූණට ලංවෙලා ඉව කරන එක. එකපාරටම වුන දේ නිසා කොල්ලත් පුදුම වෙලයි හිටියෙ.

"ඊයා........ තමුන් මාව කිස් කරන්නද යන්නෙ? මට බෑ කිඹුල් කෙල ගාගෙන ලෙඩක් හදාගන්න."

"පිස්සුද ආආ...... මං බැලුවෙ ඔහේ බීලද කියලා. කියන්න බෑනෙ මේ හාවාගෙ වග."

"මං බිව්වෙ නෑ. දැන් ඉතින් මොකටද ආවෙ?"

ජංගුක් ඇහුවෙ මින්හා මේ වගේ වෙලාවක නිකන්ම එයාගෙ කාමරේට එන්නෙ නැති නිසා. මොන පිස්සුව කරත් දෙන්නම එයාලගෙ වැඩේ ගැනත් හොඳ සෙවිල්ලෙන් හිටියෙ. මොකද කියනවා නම් මේක වරද්ද ගත්තොත් එයාලාගෙ රස්සාව නැති වෙනවා වගේම මිනිස්සුන්ගෙ ජීවිත වලටත් ලොකු අනතුරක් තියෙනවා. හිතන තරම්ම මේ චිත්‍රය සරල නෑ. කෙනෙක් ඇතුලට ඇදිලා ගියාට පස්සෙ ආයෙත් කවදාවත් එළියට එන්න බැරි වෙන එකම කොයිතරම් භයානකද?

The Magic Painting || JJK ✓Where stories live. Discover now