Chapter 3

440 97 138
                                    


"අපි දැන් මොකද කරන්නෙ? හොඳටම හවස් වෙලත් එක්ක."

මින්හා කිව්වෙ ගම දිහා බලාගෙන. ගොඩක් අයගෙන් චිත්‍රෙ ගැන ඇහුවත් ඒක තියෙන තැනක් ගැන හොයාගන්න දෙන්නට බැරි වුණා. අන්තිමට දෙන්නටම මේ වැඩේ එපා වෙලයි තිබුණෙ.

"ජංගුක්......... ඔහේ මොකද ඔය කරන්නෙ?"

මින්හා ඇහුවෙ කොල්ලා මොකක් හරි ලොකු හොර වැඩක් කරනවා වගේ දැක්ක නිසා. මෙච්චර ලොකු වැඩක් වෙලාවෙ කොල්ලා මොකද කරන්නේ? ඇත්තටම ජංගුක් ගමේ ඇවිදින්න ගිය වෙලාවෙ බියර් ටින් එකක් අරගෙන ඒකත් බීලා තව දෙක තුනක්ම බෑග් එකටත් ඔබාගෙන හිටියෙ.

"යාආආ...... තමුන්ට කී සැරයක් කිව්වද බොන්න එපා කියලා. මෙහෙ එනවා යන්න. තමුන්ට දොලදුකද ආ... මේ ජරාව බොන්නෙ නැතුව ඉන්නම බැරිද?"

"තරහා ගන්න එපා බබා. ඔයා ඉතින් මට කිව්වෙ නෑනෙ ඔයා මං බොනවට කැමති නෑ කියලා. කලින් කිව්වා නම් හරිනෙ."

ජංගුක් කට කොනින් හිනාවෙන ගමන් කෙල්ලගෙ ලඟට එද්දි මින්හා කොල්ලගෙ අතේ තිබුණ බියර් ටින් එක ඈතටම විසි කරලා දැම්මා. කෙල්ලට තරහා ගියා කියලා දැනගත්ත ජංගුක් ඉක්මනට කෙල්ලව සන්සුන් කලා. කොල්ලා ඕනවට වඩා විහිලු කරන්න ගිහින් මින්හා කැප්ටන් යුංගිට පැමිණිලි කලොත් එහෙම කොල්ලගෙ ජොබ් එකත් ඉවරයි.

"තරහා ගන්න එපා ඉතින්. මං විහිළුවක්නෙ කලේ. බඩගිනියිද මගේ චූටි මැණිකට? එන්නකො අපි ඉන්න තැනක් හොයා ගමු. මං වඩාගෙන යන්නද මහන්සි නම්?"

කොල්ලා කියන පිස්සු කතාවලට කෙල්ලට තවත් තරහා ගියා. හැබැයි ඉතින් කොල්ලා හුරතල් විදිහට කතා කරනකොට නම් කෙල්ලත් ටිකක් හිනා වුණා. හැබැයි එහෙමයි කියලා එයාට දෙවැනි වෙන්න බෑනෙ. කොල්ලගෙ කකුලත් පාගලා තමයි කෙල්ල ඉස්සරහට ගියේ.

"ආආආආ........ අනේ මගේ හා කකුල මේ අලිච්චි පෑගුවනෙ....."

"අලිච්චි..... තමුන් මටද අලිච්චි කිව්වෙ රට හාවො? තමුන් අද ඉවරයි කියලා හිතාගන්නවා."

මින්හා එකපාරටම කොල්ලගෙ රෙදි ටික පාර පුරා විසුරුවන්න ගත්තෙ එයාගෙ හොඳම ඇඳුම් ටිකක් ප්‍රදර්ශනේට දාන්න වගේ. කොල්ලා කොච්චර උත්සාහ කලත් මින්හා නම් නැවතුණේ නැහැ. මෙච්චර වැදගත් වෙලාවකත් බීගෙන විහිලු කරන්න යනවට හොඳ වැඩේ.

The Magic Painting || JJK ✓Where stories live. Discover now