Chapter 17

380 86 55
                                    


"දැන් ඇවිදින්න පුලුවන්ද කුකී?"

මින්හා ඇහුවෙ ආදරෙන් කොල්ලාගෙ ඔලුව අතගාන ගමන්. ජංගුක් තාමත් මින්හාගෙ පපුවට තුරුළු වෙලා හිටියා වගේම කෙල්ලගෙ කතාවට ලාවට හිනාවෙන ගමනුයි හිටියෙ.

"මට හිතෙනවා දිගටම ලෙඩ වෙලාම ඉන්න."

ජංගුක් කිව්වෙ තවත් සුවපහසුවට හරි බරි ගැහිලා මින්හාට තුරුළු වෙන ගමන්.

"ඒ මොකෝ?"

"නෑ ඉතින් එතකොට කිඹුලි මට හරි ආදරෙන් සලකනවනෙ."

"යාආආආ...... තමුන්ගෙ ඔලු කට්ට පැලිලා තිබුණෙ නැත්තං ඒක පලන්නෙ මම. නසරාණි හාවා."

මින්හා කිව්වෙ ජංගුක්ගෙන් ඈත් වෙන ගමන්. ඒත් එක්කම ටිකක් අමාරුවෙන් වුනත් ජංගුක් නැගිට ගත්තෙ කොහොම හරි අනිත් දෙන්නා වත් හොයාගන්න ඕන කියලා මතක් වුන නිසා. මෙතන එයාලට ජීවිත හානි පවා සිදු වෙලා තියෙද්දි ජින් නම්ජුන් දෙන්නා හොඳින් ඉන්නවා කියලා හිතන්න පුළුවන් වුනේ නැහැ.

මේ අතරෙ ඇත්තටම ජින් නම්ජුන් දෙන්නා හිටියෙ කම්මැලිකමේ.

"අපි දැන් මොකක්ද කරන්නෙ නම්ජුනා?"

"මං දන්නෑ හියොන්. අනික හැමදේම මගෙන් අහන්නෙ ඔයාට මොළයක් නැද්ද මොකක් හරි හිතන්න?"

නම්ජුන් කිව්වෙ කම්මුලට අත තියාගෙන. ඒත් ඉතින් ඔහු වැඩිය හිතන්නෙ නැතුව කියපු දේ නිසා ජින්ට ආයෙත් තරහා ගියා.

"මොකක්ද තමුන් කිව්වෙ ආආආ? මහරජ සෝක් ජින්ට මොළයක් නෑ කියලද ඒ කිව්වෙ?"

"ඒක තමයි ඇත්ත ඉතින්. මෙච්චර වෙලා තේරුනේ නැති එකනෙ පුදුමෙ."

ජින් නම්ජුන් දෙන්නගෙ තේරුමක් නැති රණ්ඩු අතරෙ එයාලට ඇහුනෙ ටිකෙන් ටික ලඟට එන සද්දයක්. 

බස්ස්ස්ස්..........

"ඒ නම්ජුනා..... මොකක්ද ඒ සද්දෙ?"

"නිකන් හරියට මැස්සො වගේ සද්දයක් නේද? ඒත් එච්චර හයියෙන් ඇහෙන්නෙ කොහොමද?"

නම්ජුන් කිව්වෙ වටපිට බලන ගමන්. මැස්සොන්ගෙ සද්දයක් වගේ තේරුන ඒ හඬ එන්න එන්නම ලං වෙද්දි ජින් නම්ජුන් දෙන්නගෙ බය තවත් වැඩි වුණා. මේ වගේ තැනක මොන මොන කරදර තියෙනවද කියලා එයාලට පූර්ව නිගමන කරන්න බැහැනෙ. ඒත් එක්කම ජින් දැක්කෙ එයාලගෙ පැත්තට ලංවෙන සද්දෙට හේතුව.

The Magic Painting || JJK ✓Where stories live. Discover now