Chapter 7

412 91 50
                                    


"වාව් බ්ලූ බෙරි නේද? මං බඩගින්නෙන් හිටියෙ."

ජින් ලස්සන නිල් පාටට දිලිසෙන බ්ලූ බෙරි වලට අත දික් කරේ හරිම ආදරෙන්. ගොඩක් වෙලාවකට පස්සෙ එයාට කෑමක් හම්බුන නිසා අමුතු ආහාර ප්‍රේමයක් ඇවිල්ලයි තිබුණෙ. ඒත් ඉතින් මේ දේවල් හොඳද නැද්ද කියලා තාමත් හිතාගන්න බැරි වුන ජංගුක් මින්හා දෙන්නා එතනට දුවගෙන ගියේ ජින්ව නවත්තගන්න. හැබැයි එයාලා එතකොටත් පරක්කු වැඩියි.

"මෙව්වා අවුලක් නෑ. හැබැයි පොඩි මලකඩ රහකුත් තියෙනවා වගේ."

බ්ලූ බෙරි ගෙඩියක් කටේ දාගෙන බෙරි වෙච්ච මූණකින් ජින් බලන් හිටියෙ එයා බලාපොරොත්තු වුන තරම් හොඳ රසයක් එතන නොතිබුණ නිසා.

"හපෝයි ජින් හියොන් ඕවා වසද දන්නෑ. මේ මඩත් නිකං ඇසිඩ් වගේ. ඉක්මනට ඕක එලියට දාන්න."

ජංගුක් කෑගහන කොට ජින්ට කාපු එක පිට උගුරෙත් ගියා. ඒ ක්ෂණිකව ජින්ට මරණ බය කියන එක ඇතිවෙන්න පටන් ගත්තා.

"ආආආආආ........ නම්ජුනාආආ..... මොනවා හරි කරනවාආආ.... මං මැරෙයිද දන්නෑ දෙයියනේ. තාම රජ කම බාරදෙන්න කිරුළ හිමි කුමාරයෙක් වත් නෑ. මොනවා හරි කරනවා මනුස්සයො ඔතනට වෙලා බකන්නිලං ඉන්නෙ නැතුව."

ජින් මහ හයියෙන් බෙරිහන් දෙද්දි නම්ජුන් එකපාරටම ජින්ගෙ ඔලුවට ටිකක් තදට පාරක් ගැහුවෙ එයාගෙ විද්‍යා දැනුම මතක් කරගෙන. හැබැයි ඒකෙන් වුනේ ජින් මහරජතුමාට තවත් තරහා ගිය එක.

"මොනාද මනුස්සයො කරන්නෙ ආආආ? මාව මරන්නද හදන්නෙ? අනේ මෙහෙමත් ජීවියො."

"සොරි ජින් හියොන්. මං අහලා තියෙනවා ඔලුවට ලොකු පාරක් ගැහුවම වමනෙ යනවා කියලා. එතකොට ඔය ටික එලියට එයි."

නම්ජුන් එයාගෙ කතාව ඉදිරිපත් කරලා ඉවර වෙනකොට ජින්ට යකා නැගලා හිටියෙ. වෙලාවට ජංගුක් එතනට ගිහිල්ලා ජින්ගෙ කට ඇතුලට අත දාලා එයාට වමනෙ කෙරෙව්වා. ඒ ගෙඩි වල තිබුණෙ ඇත්තටම විස කියලා ඔවුන්ට පෙනුණෙ ජින් එලියට දාපු නිල් පාට බ්ලූ බෙරි කොටස් රතු පාටට හැරිලා කලු පාට වෙනකොට. වෙලාවට ජින්ට ලොකු අනතුරක් වුනේ නැහැ.

The Magic Painting || JJK ✓जहाँ कहानियाँ रहती हैं। अभी खोजें