Chapter 16

370 84 36
                                    


"ආහ්...... මොකක්ද මේ මගේ ඇඟ උඩ තියෙන්නෙ? අහ්.... මගේ ඔලුව....."

මින්හා හිටියෙ බිම දිගා වෙලා. එයාට සිහිය නැතිවෙලා තිබුණත් ඒක වුනේ කොහොමද කියලා මතකයක් මින්හාට තිබුණෙ නෑ. ඒත් සිහිය ආවට පස්සෙ කෙල්ලට දැණුනෙ මොකක් හරි බර දෙයක් එයාගෙ ඇඟ උඩ තියෙනවා කියලා. ඇහි පිහාටු එකිනෙකට ඇලවිලා වගේ දැනෙද්දි කෙල්ල අමාරුවෙන් එයාගෙ ඇස් ඇරගත්තා.

එකපාරටම එච්චර දීප්තිමත් නොවුනත් පුංචි ආලෝකයක් එයාගෙ මූනට වැටෙනකොට ඇස් ඇරගෙන ඉන්න එක තවත් අමාරු වුනා.

"ආහ්..... මොකක්ද මෙතන වෙන්නෙ? අපි හිටියෙ කළු කුහරය ඇතුලෙනෙ."

මින්හා හිටපු විදිහටම වටපිට බලද්දි ඇයට තේරුණා ඒ ඔවුන් කලින් හිටපු කළු කුහරය නම් වෙන්න බෑ කියලා. එතන පෙනුම හරියට පරණ මාලිගාවක වගේ. ඒත් එකපාරටම එයාලා මෙතනට ආවෙ කොහොමද?

කෙල්ල වටපිට බලලා ඉවර වෙලා තමන්ගෙ ඇඟ උඩ තියෙන බර දේ මොකක්ද කියලා බලද්දියි  ඇය දැක්කෙ ඒ ජංගුක් කියලා. කොල්ලට තාමත් සිහිය ඇවිත් නැහැ.

"කුකී..... කුකී... නැගිටින්න. මොකක්ද වුනේ ඔයාට? නැගිටින්න කුකී."

කෙල්ල ජංගුක්ගෙ ඇඟ වටේට අත් දෙක දාලා කොල්ලගෙ පිටට තට්ටු කලා. ජංගුක් එයාගෙ ඇඟ උඩම හිටපු නිසා කෙල්ලට එතනින් නැගිටින්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. හෙමින් සැරේ කොල්ලගෙ ඔලුවට අත අරගෙන ගිය කෙල්ල උත්සාහ කලේ කොල්ලව ඇහැරවගන්න වුනත් එයාගෙ අතට මොකක් හරි දියරමය දෙයක් දැනුණා.

"මො.... මො.... මොකක් ලේ.... ලේ... කුකී ප්ලීස් නැගිටින්න... කුකී ඔයාට තුවාල වෙලා."

මින්හා එකදිගටම ජංගුක්ව හොලවමින් කොල්ලව ඇහැරවගන්න හැදුවා. ඔවුන් හිටපු තැනට එහායින් ලේ ගංගාවක් වගේ ගලාගෙන ගිහින් පොළවටම වේලිලා තිබුණා. ඒ ලේ ජංගුක්ගෙ කියලා අඳුරගන්න බැරි වුනේ නැහැ. 

"කුකී මැණික..... නැගිටින්නකො. කිඹුලි ආදරෙයිනෙ හා පැටියො. ඔ..... ඔයා නැගිට්ටෙ නැත්තං... මං.... මං අර ප්‍රමෝෂන් එක තනියම ගන්නවා හොඳේ. අනේ හා පැටියො... මං... ම්මං ඔයාට බියර් ගෙනල්ලත් දෙන්නම්. නැත්නම් අර ඔයා ඉල්ලපු කිස් එකත් දෙන්නම්.... ප්ලීස් නැගිටින්න...."

The Magic Painting || JJK ✓Where stories live. Discover now