Chapter 30

210 41 8
                                    

එදා මින්හෝගේ ප්‍රශ්නෙන් පස්සේ කාලේ හරි ඉක්මනින් ගෙවිලා ගියේ මාවයි ජිමිනිවයි ගොඩ ගොඩාක් ලන් කරලයි.

අපේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ඉවරවෙලා ලැබුන මාසෙක නිවාඩුවේදි මන් ජිමින් එක්ක ගොඩක් තැන්වල ඇවිදින්න ගියා.

ඒ ඇවිදින්න ගිය වෙලේට අපිට මුහුන දෙන්න වුන එක එක සිද්දි නිසා අපි කියාගන්න බැරි තරමට ලන්වුනා..

එදා හොස්ටල් රූම් එකේදි ජිමින් කිව්වත් වගේ මට ආදරේ කරන්න එයා ගොඩක් උත්සහා කලා ඒ වගෙම ඒ උත්සහය ගොඩාක් දුරට සාර්තක උනා.

ජිමින් ලග ඕනිවටත් වඩා හුරතල් උන මන්  දන්න විදිහට එයාව ආදරෙන් පිරෙව්වා.

එයත් මාව හුරතල් කරන්,පරිස්සම් කරගෙන මා එක්කම ඉදන් මට ආදරේ කරන්න ටික ටික පුරුදු උනා.

ඒත් ජින්ව දකින සමහර වේලාවල්වලට අපි දෙන්නගෙ උත්සහයන් වතුරේ ගිහින් ජිමින්ට කැස්ස එනවා.

ඉතින් මන් ජිමින්ව ජින්ගෙන් ගොඩක් පරිස්සම් කරන්න ගත්තා...

ඒ විදිහට කාලේ ගෙවිලා යද්දි මන් ජිමින්ට හදපතුලෙන්ම ආදරේ කරන්න ගත්තා.

ජිමිනිත් මට ආදරේ කරන්න ගත්තා..

ඒක මගේ හිතලුවක් නෙමෙයි කියලා මට තහවුරු කරන්න වගේ ජිමින්ගේ ස්කෑන් රිපෝට් එකේන් පැලේ වර්ධනය අඩුවෙලා කියලා අපිට දැනගන්න ලැබුනා..

ඇත්තටම ඒ පැලේ පෙනහල්ල ඇතුලේ වර්ධනේ වෙන්නනම් පොහොර විදිහට ඒකපාර්ශික ආදරයක් තීන්න ඕනී..

ඒත් දැන් ඒ ආදරේ ජිමින්ගේ හිතින් ටික ටික මැකිලා යනවා.ඒ විදිහටම ජිමින්ගේ ඇග ඇතුලේ වර්ධනේ වෙලා තිබුන පැලේත් ටික ටික නැතිවෙලා යන්න පටන් ගත්තා..

ඒක අපි දෙන්නටම ගෙනාවේ ලොකු සතුටක්..

මට ආදරේ කරනවා කියලා මාවත් අමාරුවේ දාලා එයාට දුරගමනක් යන්න වේවි කියලා ජිමිනි ගොඩක් බයෙන් හිටියේ.

ඒත් දැන් එයාගේ හිතේ එහෙම බයක් නෑ...

ඉතින් මට එයාගේ ආදරේ දැන් වැඩිපුරත් එක්ක දැනෙනවා..

අපේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකත් ඉවර වෙලා අපිට සතිදෙක්ක නිවාඩුවක් ලැබුනම ජිමින් එක්ක පොඩි පොඩි ගමන් ගිය මන් පෝය දවසේ එයාව අපේ ගෙදර නවත්ත ගත්තා..

මට එයාව හොදටම හොද කරගන්න ඕනී..

"ජිමිනියා..."

"ඇයි බබෝ..."

වොෂ් රූම් එකේ ඉදන් කොන්ඩේ පිහ පිහ එලියට ආපු ජිමින් මගේ ලගින් වාඩිවෙලා කම්මුලෙන් හාද්දක් තියලා ඇහුවා..

"අපි අද රූෆ් ටොප් එකට වෙලා ඉමු..."

"ඒ මොකටද...එලිය සීතල ඇති.."

"අද හද ගොඩක් ලස්සනයි.ඔම්මත් නැති එකේ අපි රූෆ් ටොප් එකට වෙලා ඉමුකෝ"

"හ්ම් හ්ම්...ඔබේ කැමැත්ත මගේ කැමැත්තයි.හැබැයි සීතලේ ඉදලා ඔයා ලෙඩ උනොත් මගෙන් ගුටි කනවා.."

මගෙ නිකට මිරිකලා බොරුවට තරවටු කල ජිමිනි ඇදෙන් නැගිටලා ගිහින් ඇදුමක් දාගත්තා.

Wonderfull loveWhere stories live. Discover now