Chapter 25

226 40 8
                                    

"ඔයා ජින් ගැන හිතන්න හිතන්නයි ඔයාගේ ඇග ඇතුලේ එයා වෙනුවෙන් මල් පිපෙන්නේ..ඔයා එයා ගැන නොහිතා මන් ගැන හිතන්න.මන් ඔයාට මට පුලුවන් උපරිමෙන් ආදරේ කරන්නම්..ආදරේ නිසා ඇති උන මේ පැලේ ආදරෙන්ම මරලා දාමු."

"ඔයා වැරදි කෑමක් කෑවද ටේටේ..."

"මන් සීරියස් කතාකරන්නේ ජිමිනි.මන් මේ තාක් කියවපු හැම දේකම සාරංශය උනේ ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියන එක.ඉතින් ඔයා මට ආදරේ කරන්න මන් ඔයාට ආදරේ කරන්නම් එතන ඒක පාර්ශික ආදරයක් නෑ.ඒ නිසා ඒ පැලේ හැදෙන එකක් නැතිවේවී.."

"හහ්...ටේටේ...ආදරේ කියන්නේ එහෙම හිතුනු හිතුනු පලියට වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.."

"උත්සහා නොකර ඔහොම කියන්න එපා ජිමිනි.ස්කූල් කාලෙදි මැරීගෙන ආදරේ කල කෙනාව අතෑරලා වෙන අය මැරි කරන් ආදරෙන් ජීවත් උන මිනිස්සු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා.."

"හයිෂ් ටේටේ..මේ කතාව අපි මෙතනින් නවත්තමු..ඔයා තවත් මේ ගැන හිතන්න එපා.ඒ වගෙම වැරදිලාවත් මට ආදරේ කරන්න එපා..එහෙම උනොත් ඔයාටත් මේක හැදේවී.."

"ඉතින් මොකද..."

"ඔයාත් මන් වගේ මැරිලා යාවි..."

"ඉතින් හොදයිනේ..පුන්චි කාලෙම අප්පා මාව දාලා ගියා ඊට පස්සේ රට වටේටම ට්‍රාන්සර් ගත්ත ඔම්මා මගේ ස්කූල් මාරු කර කර මට යාලුවෝ හදාගන්න දුන්නෙත් නෑ එයා මන් ලග හිටියෙත් නෑ..අප්පගේ පෙනුම ඒ විදිහටම මට තීන නිසා එයා හැමවෙලේම මොකක් හරි පිටින් දාලා මගෙන් ඈත් උනා.එහෙම ඉද්දි මට හම්බුන එකම යාලුවත් නිකන් නිස්කාරනේ මාව දාලා වෙන ලෝකෙකට යන්න හදනවා.මට මගේ ජීවිතේදි ඉස්සරහට හම්බෙන හැම කෙනාම මාව ඒ විදිහට දාලා යාවී.මටත් අර ඉර බබලනවා වගේ මූනිච්චාවට හිනාවෙලා ඇතුලින් පිච්චි පිච්චි ඉදලා ඉර මුහුදේ ගිලෙනවා වගේ මැරිලා යන්න වේවි ඒක ඉක්මන්ටම වෙන එක කොයිතරම් දෙයක්ද.."

"ආයේ ඔය වගේ මොට්ට කතාවක් කිව්වොත් මන් ඔයාගේ කට කඩනවා ටේටේ..මේ ලෝකේ හැම මනුස්සයම එක වගේ නෑ..ඔයාට ගැලපෙන කෙනා හරිම වෙලාවට ඔයාට මුනගැහේවී.එතකල් ඔයා බලන් ඉන්න.මන් ගැන හිතන්න ගිහින් ඔයාගේ ලස්සන ජීවිතේ අමාරුවේ දාගන්න එපා.තෙරුනානේ.."

ටිකක් තරවටු හඩින් එහෙම කිව්ව ජිමින් තරහින් මූන පුම්බගෙන හිටි මාව රූම් එකේ තනිකරලා දාලා එලියට ගියා..😐

------------------------------------------------------------

මන් මිත්‍යා විශ්වාසයකින් ගොඩනැගිලා තිබුන කතාවක් විකෘති කලා නේද..🤓🥲

Wonderfull loveWhere stories live. Discover now