Chapter 29

204 42 14
                                    

"ඔය ඇඩුවා ඇති ටේටේ....එන්න අපි ගිහින් මූන චුට්ටක් සෝදන් එමු..."

"අනෙහ් මට බෑ...මගේ කම්මුල් දෙක හොදටම දනවා..😭"

මාවත් වඩාගෙන වාඩිවෙලා හිටි ඇදෙන් නැගිට්ට ජිමින්ගේ බෙල්ල බදාගත්ත මන් එහෙම කියද්දි මගේ ඇස්වලට ආයේ කදුලු උනන්න ගත්තා..

"මන් ගිහින් උන් තුන්දෙනාව මරලා එන්නද.."

"ම්හ්..🥺"

දැනටමත් හොස්පිට්ල් නතර වෙලා ඉන්න බෝගම් ජැකී මින්හෝ තුන්දෙනාව මරලා එන්නද කියලා ජිමින් අහද්දි මන් ශොක් උනා..

"ඔයා අඩන එක නතර නොකලොත් සත්තයි මන් ගිහින් උන්ව මරලා එනවා"

"හුවෑ....එහෙම කරන්න එපා..😭💔"

"හයිෂ් ඔයානම් කියන දෙයක් අහන කෙනෙක් නෙමෙයි ටේටේ..."

එහෙම කියලා මගේ පිට පිරිමැද්ද ජිමිනි මාවත් උස්සගෙන වොෂ් රූම් එක ඇතුලට ගියා..

"දැවිල්ලයි..🤧"

"හරි තව චුට්ටයි.."

මාව සින්ක් අයිලන්ඩ් එක උඩ වාඩිකරවපු ජිමින් එයාගේ අතට වතුර අරන් මගේ මූන පිහිලා කොන්ඩේ උඩට කරන ගමන් කිව්වා

"තෑන්-ම්ම්"

මොකක්ද ඒ උනේ..🙄🙄🙄

"මන් ඔයාට මීට කලිනුත් කියලා තියේ මට ඔය ටැන්කිය දෙන්න එන්න එපා කියලා.."

මගේ ලිප්ස් උඩින් පෙක් එකක් තිබ්බ ජිමිනි මාව උස්සගෙන එලියට ඇවිත් බෙඩ් එකෙන් තිබ්බා..

"මන් කැමතියි..."

"මොකටද...🙄"

බෙහෙත් ටියුබ් එක්කුත් උස්සගෙන මන් ලගින් වාඩිවුන ජිමින්ගෙන් මන් ඇහුවා.

"ඔයාගේ යෝජනාවට..හැබැයි එක දෙයක් ආයේ ඔයාට පුස්තකාලවල බඩගාන්න කරන්න මුකුත් බෑ..ඒ වගෙම ආයේ මේ වගේ අඩන්නත් බෑ..මොන දේ උනත්..."

ජිමින් අන්තිම ටික බරකරලා කියද්දි බයක් වගෙම දුකක් දැනුනත් ජිමින්ගේ උකුලට පැන්න මන් ගොඩාරියක් සතුටින් එයාව හග් කලා..

"හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තීනවා කියලා අහලා තිබුනත් මට ඒක හරියටම තේරුනේ අද තමයි.."

"හ්ම්..මටත් ඒක අද තමයි තේරුනේ.ඒ වගෙම ඔයා මට ගොඩක් වටින කෙනෙක් කියලා මට තේරුනෙත් අද..."

සොෆ්ට් හාදුවක් මගේ බෙල්ල මුලින් තිබ්බ ජිමින් එහෙම කියද්දි මන් එයාගෙන් ටිකක් ඈත්වෙලා එයාගේ ඇස් දිහා බැලුවා..

"ඇත්තටම ඔයා අද ඉදන් මට ආදරේ කරනවද...."

"මන් උත්සහා කරන්නම් ටේටේ.."

"ඒ ඇති මගෙ ජිමිනියෝ..."

ජිමින්ව මහ ගොඩක් ආදරෙන් හග් කල මන් එයාගේ කම්මුලකින් ලොකු හාදුවක් තිබ්බා..

"ඔය ඉතින් දැම්ම මගේ කම්මුල්වල කෙල උලනවා.."

"මන් කලිනුත් ඔය කම්මුල් වල කෙල ඉලුවා ජිමිනියෝ.."

"ඇත්ත තමයි.ඒත් මන් ඔයාගේ කම්මුල් වල කෙල උලලා නෑනේ..දැන් උලන්න ඕනි කලින් ඒවටත් හරියන්න.."

එහෙම කියලා මට කිති කවන්න ගත්තු ජිමිනි මාව ඇදේ පෙරලන් දැවිල්ල දිදී තිබුන මගේ කම්මුල් වලින් සොෆ්ට් හාදු ගොඩක් තිබ්බා..

------------------------------------------------------------

කෑවා කෑවා...මුලු කතාවම කෑවා.. 🙉

Wonderfull loveWhere stories live. Discover now