Chapter 24

210 40 2
                                    

"සියෝක්ජින් කියන්නේ මගෙ අප්පගේ යාලුවෙක්ගේ පුතා..නෑ මන් එහෙම හිතුවා"

කිස් එක අතරෙදි කකුල් පන නැතිව ගිය මාව උස්සන් හොස්ටල් රූම් එකට ආව ජිමින් වොෂ් රූම් ගිහින් එලියට ආපු මට ඇදෙන් වාඩිවෙන්න කියලා සන් කරලා මේ තාක් එයා නොකියපු ඒ කතාව මට කියන්න ගත්තා..

"ජිනියි මායි පුන්චි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ එකටමයි...ජිනී මගේ වයසෙම උනත් මන් ගැන හොයලා බලලා මාව ආදරෙන් බලාගත්තේ හරියට වැඩි හිටියෙක් වගේ..අපි ටික ටික ලොකු වෙනකොට අපි අතර තිබුන ගොඩාක් ශක්තිමත් වගෙම ගොඩක් ලග එකක් උනා..කාලයත් එක්ක එයා ගොඩක් ලස්සන හුරතල් ආදරනීය කෙනෙක් වෙද්දි මට මගේ හැගීම්වල වෙනසක් තේරුනා.
එයා මට ලන්වෙන කොට මන් එයාට ලන්වෙනකොට මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා..මට එයා ගැන අමුතු විදිහේ හැගීම් ඇති වෙන්න ගත්තාම මන් එයාගෙන් ටිකක් ඈත්වෙලා ඉන්න උත්සහා කලා.ඒත් පොඩි කාලේ ඉදන් එකට හිටි එයාට මගෙන් ඈත්වෙලා ඉන්න බැරි උනා. ඉතින් මන් මගේ හැගීම් හන්ගන් එයා ලග ඉන්න පුරුදු උනා..එක දවසක් ලොකු හිනාවක් මූනේ පුරවගෙන මන් ලගට ආපු ජිනී එයා ජූන් හියුන්ට ආදරේ කරනවා කිව්වා.ඒක අහපු ගමන් මට මගේ ඇග ඇතුලින් ලොකූ වේදනවක් දැනෙන්න ගත්තා.ඒත් මන් එයා එක්ක ලස්සනට හිනාවුනා..ඒත් ඊලග විනාඩියේ ඔම්මව හොයන් ගිය මන් එයාව බදාගෙන හොදටම ඇඩුවා.ඔම්මා ඒකට හේතුව ඇහුම මන් ඇත්තම කිව්වා.එතකොට මට තරවටු කරපු එයා ජිනී ගැන ඇත්ත කතාව මට කිව්වා.ඒ කතාවේ මුල මැද අග හැමදේමත් මන් එයාට ආදරෙයි කියපු එකත් ජිනී අහන් ඉදලා..එදයින් පස්සේ එයා හැසිරුනේ මන් කියලා කෙනෙක්ව දන්නේවත් නෑ වගේ..මට එයාගේ හැසිරීම දරාගන්න බැරිව ගියා.ඉතින් එයාට ගෙදර ඉන්න දීපු මන් හොස්ටල් නැවතුනා.ජිනී ජූන් හියුන්ග්ට ආදරෙයි කියලා මා එක්ක කියපු දවසෙමයි මට හනහකි හැදිලා කියලා මන් දැනගත්තේ...ජිනීගේ ආසම පාට උන රෝස පාටින් මල් පෙති මගෙ කටින් එලියට එද්දි මට ලොකු වේදනාවක් ආවා.මන් ඒ ලෙඩෙ හොදකරන්න ක්‍රම හෙව්වත් ඒක පාර්ශික ආදරේ නිසා ඇතිවෙන ඒ ලෙඩේට බෙහෙතකට තිබුනේ ආදරෙ කරන කෙනාගෙන් පෙරලා ආදරේ ලැබෙන එක හරි සර්ජරි එක කරන එක හරි..ඒ දෙකම වෙන දේවල් නෙමෙයි නිසා ආදරේ මල් පැලේ මගේ පෙනහැල්ලේ දලු දාලා වැඩුනා..ජිනියි මායි හිටි ස්කූල් එකටම ජූන් හියුනුත් ආ නිසා මගේ ලෙඩේ ගොඩක් දරුනු උනා.එහෙම කාලේ යද්දි තමා ඔයා මෙහට ආවේ...දැන් ඔයා මේ කතාව දන්නවනේ..තවත් මන් වෙනුවෙන් මහන්සි වෙන්න එපා.මට ඒ සර්ජරි එක කරන්න බෑ වගෙම කවදාවත් මට මගේ එක ලේ සහෝදරයගෙන් ආදරයක් ලැබෙන්නෙත් නෑ..."

දිගම දිග කතාවක අවසානේ මගේ කම්මුල් දිගේ ගලලා තිබුන කදුලු පිස්ස ජිමින් එහෙම කියද්දි මට ගොඩක් දුක හිතුනා..

මට බෑ එයා වගේ හොද කෙනෙක්ගේ ජීවිතේ නිස්කාරනේ නැතිවෙනවා දකින්න..

"ජිමිනි..."

"ම්..."

"එයාව අමතකකරලා මට ආදරේ කරන්න"

"මොකක්ද ??"

ජිමිනිගේ අතක් අල්ලගත්තු මන් එයාගේ ඇස් දිහා බලන් කියද්දි එයා එහෙම ඇහුවා

Wonderfull loveWhere stories live. Discover now