Chapter 26

203 41 2
                                    

'ආදරේ යනි මහා පුදුමාකර දෙයකි.එයට කල නොහැකි දෙයක් නෑ.ආදරේ නමයෙන් දරුනු ශාපයන් බන්දනයන් කිරීමට හැකි අතරම එවෙනි ශාපයන් පිරිසිදු ආදරයෙන් පරාජය කිරීමටත් හැකියි.පුරසද පායා ඇති රාතියක පිරිසිදු ආත්ම එකතුවකින් මේ ලොව බලගතුම මන්ත්‍රකරුගේ මායා බන්ධනෙත්,මේ ලොව බලගතුම ශාපයත් බිදදැමීට හැකියාව ලැබෙනවා.එමෙන්ම ඖෂධ නොමැති මාරාන්තික රෝගයන් පවා මෙවැනි එකතුවීමකින් දුරු කිරීමට හැකියාව ඇත..ඕනෑම රෝගයකට ආදරය යනු වටිනා බලගතු ඖෂධකි.....'

ඒකනේ..මන් කිව්වේ..ආදරේට කරන්න බැරි දෙයක් නෑලු.ඒක මේ මැට්ටට තේරෙන්නැති හැටියක්...

මන් යන යන තැනට වලිගේ වගේ මගෙ පස්සෙන් එන්න එයාට පුලුවන් ඒත් මට ආදරේ කරන්න තමයි එයාට බැරි..

හරියන්න හරි වරදින්න හරි එයා මට ආදරේ කලානම් ඉවරනේ...

"ඒ පාර ඔයා අලුත් සෙල්ලමක් පටන් ගත්තද ටේටේ...ගන්නයි කිව්වේ මගෙ කම්මුලෙන් ඇගිල්ල.."

"ඔහ්..ඔයා ඇහැරලාද හිටියේ..."

ජිමින්ගේ මූනේ රටා ඇද ඇද හිටි ඇගිලි අකුලලා මගේ ලගට ගන්න ගමන් මන් ඇහුවා..

"නෑ දැන් ඇහැරුනේ..ඔයාගේ වැඩේ ඉවර නම් අපි යමු ක්ලාස් එකට ටීචර් කෙනෙක් ඇවිල්ලද දන්නෙත් නෑ.."

"හ්ම් යමු..."

මන් කියව කියව හිටි පොත් වහලා ඒක තිබුන තැනින්ම තියලා ජිමින් එක්ක ලයිබ්‍රි එකෙන් එලියට ආවා.

"කවදද ඔයා ලයිබ්‍රි එන වැඩේ නවත්තන්නේ.."

"ඔයා දෙකෙන් එක්කට කැමති උනා දවසට....."

"හ්ම් අනේ මන්දා....."

ජිමිනියා බර හුස්මක් පාතදාලා එහෙම කියද්දි මන් එයාගේ අත තද කරලා අල්ලගත්තා..

"ඒයි ටේහියුන්...ඔයාට ජන්කුක් සර් ස්පෝර්ට් රූම් එකට එන්න කිව්වා.."

එකසැරේම අපි ඉස්සරහින් මතුවුන බෝගම් කිව්වා..

"ඒත් ඇයි ??"

"ඒක ඉතින් ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ.."

එහෙම කිව්ව බෝගම් ආපු වේගෙන්ම අපි ලගින් ඈතට යද්දි මන් ජිමින් දිහා බැලුවා.

"මන් එන්නම් ඔයා එක්ක යන්න..."

"හා..."

මන් ජිමින් එක්ක ස්පෝර්ට් රූම් එක දිහාට යන්න ගත්තත් ක්ලාස් ටීචර් හදිසී වැඩකට ජිමින්ට කතාකලා කියලා පනිවිඩයක් ලැබුන නිසා අකමැත්තෙන් උනත් ජිමින් මාව තනියම ස්පොර්ට් රූම් එකට යැව්වා.

Wonderfull loveWhere stories live. Discover now