Chapter 27

198 38 2
                                    

*උ ඌ...ඇයි මේ රූම් එක මෙච්චර කලුවර. සර් ගිහිල්ලවත්ද..*

"ජන්කුක් සර්.."

මන් ස්පොර්ට් රූම් එකේ ඩෝර් එක ලග ඉදන් සර් ඇතුලේ ඉන්නවද කියලා කතා කරලා බැලුවත් මට උත්තරයක් ලැබුනේ නෑ..

ඒ නිසා ඇතුලට යන්න බයවුන මන් ඒ රූම් එක ඇතුලට නොයා ආපහු හැරිලා යන්න හැදුවත් එක සැරේම මගෙ ඉස්සරහට ආපු ජැකී මාව රූම් එක ඇතුලට දාලා ඩෝර් එක ලොක් කරා..

"ඒයි..මේක අරින්නවා..මොකටද මාව මේක ඇතුලේ හිරකරන්නේ..."

මන් ඩෝර් එකට ගහන ගමන් ඩෝර් එක අරින්න උත්සහා කරත් ඒක හරි ගියේ නෑ..

"කවුද ඇතුලේ ඉන්නේ.."

එක සැරේම රූම් එකේ ලයිට් පත්තු වෙන්න ගද්දි මන් එහෙම ඇහුවත් මට උත්තරේ විදිහට ලැබුනේ කැතම කැත හිනාවක්...

"ඉතින් බේබී...කොහොමද ඔයාට..මන් ටිකක් සයිලන්ඩ් උනාම ඔයා හිතුවද මන් ඔයාව අමතක කලා කියලා.."

"හහ්..මට යන්න දෙනවා මින්හෝ. මොකටද මාව මේක ඇතුලේ හිර කරගත්තේ.."

"පොඩි ෆන් එකක් ගන්න මිසක් වෙන මොකටද බේබී.."

"මගෙ ලගට එන්න එපා මින්හෝ..."

ජරා හිනාවක් එක්ක මගේ දිහාට අඩිය තියන මින්හෝට මන් එහෙම කිව්වත් එයා නවතින්නැතුව මන් දිහාට එන්න ගත්තා.

ඉතින් වටපිට බැලුව මන් අතට ගන්න දෙයක් හෙව්වත් මන් හිටියේ ඩෝර් එක ලග නිසා මට කිසිම දෙයක් අහුවෙන්න තිබුනේ නෑ..

"ඔයා මට කරදර කරන්න ආවොත් මන් ඔයාට ගහනවා මින්හෝ.."

"ඔයා ගහන්න මට ?? විහිලු කරනවද බබා.."

එහෙම කිව්ව මින්හෝ පැනපු ගමන් මගේ ඉනවටේ අත් යවද්දි දෙයියො බුදුන් සිහිකල මන් උපරිම ශක්තිය අරන් අත දිගෑරලා මින්හෝගේ කම්මුලට ගැහුවා..

"පොඩි ප*යා."

"මන් කිව්වා..මට මගේ පාඩුවේ ඉන්න දෙනවා..මට මේකෙන් එලියට යන්න ඕනි."

"මන් උබට යන්න දෙනකන් උබට මේකෙන් එලියට යන්න වෙන්නෑ ටේහියුන් 😂"

තොලෙන් බේරෙන ලේ පිහදාපු මින්හෝ මහ සද්දෙන් හිනාවෙන ගමන් එහෙම කියලා මගේ ඇගට පනිද්දි මන් එයා එක්ක පොරබදන්න ගත්තා..

Wonderfull loveWhere stories live. Discover now