Chapter 18

215 39 4
                                    

එදා ජිමින් මල් පෙති වොමිට් කරනවා දැක්කට පස්සෙ ඉදන් මන් මගෙ හැම ෆ්‍රී ටයිම් එකක්ම ගතකලේ ලයිබ්‍රි එකේ..

ඒ වගෙම මන් මගේ ඔම්මටත් කෝල් කරලා මේ ලෙඩේ ගැන විස්තර කිව්වා.

තව මන් ඉන්ටර්නෙට් එකෙනුත් ලෙඩේ ගැන විස්තර හෙව්වා..

ඒ හැමදේකින්ම තහවුරු උනේ ජිමින්ට තීන්නේ ඒකපාර්ශික ආදරේ නිසා ඇතිවෙන ලෙඩක් උන හනහකි කියලා..

හනහකි වලදි වෙන්නේ තනියෙන් ආදරේ කරන කෙනාගේ පෙනහල්ලේ මල් පැලයක් හැදෙන්න ගන්න එක..

හනහකී හැදුන කෙනෙක්ට එයා ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරෙ නොලැබුනම ඒ කෙනාගෙන් ලැබෙන රිදවීම් වලින් ඒ පැලේ එන්න එන්න වර්දනේ වෙනවා..

ඒක තමයි දැන් ජිමින්ට වෙලා තීන්නේ..

එයාට ජින් ජූන් හියුන් එක්ක ඉන්න මොහොතවල් පේන එක වැඩි වෙන්න වෙන්න එයාගේ ලෙඩෙත් වැඩිවෙලා..

ජිමින් වොමිට් කරනකොට මල්පෙති එක්ක ලේ එනවා කියන්නේ ජිමින් ඉන්නේ ලෙඩේ අන්තිම ස්ටෙප් එකේ කියල අපේ ඔම්මා කිව්වා.

මන් අඩලා අඩලා ජිමින්ව ස්කෑන් එක්කට එක්ක ගිහාම ඒක හොදටම තහවුරු උනා.

ජින්ගෙන් ජිමින්ට පෙරලා ආදරේ ලැබෙන එක හීනයක් විතරක් වෙන නිසා ඒ පැලේ ඔපරේෂන් කරලා අයින් කරමු කියලා මන් කිව්වත් එයා ඒකට කැමති උනේ නෑ..

එහෙම ඒ පැලේ අයින් කලාම කිසිම හැගීමක් දැනීමල් නැති මනුස්සයෙක් වගේලු ඉතිරි මුලු ජීවිතකාලෙම ගෙවන්න වෙන්නෙ.....

ඉතින් එයා කියන්නේ හැගීමක් දැනීමක් නැතිව ජීවත් වෙනවට වඩා මේ ලෙඩෙන් මැරිලා යන එක හොදයි කියලා..

ඒත් මට බෑ එයාට මැරෙන්න දෙන්න..

ඔම්මට පස්සෙ මට ඉන්නේ එයා විතරයි. මන් එයාව රැකගන්න ඕනී...

Wonderfull loveWhere stories live. Discover now