03

1K 145 50
                                    

"උඹ මොකද නිකන් යකෙක් ගහලා වගෙ දුවන් එන්නෙ..."  සරදියල් මම මියුරුගෙ රූම් එකෙ ඉදලා කඩාගෙන බිදගෙන මිදුලට ආව වේලාවෙම හැප්පෙන්න යද්දි අල්ලන් ඇහුවා.

"මොනවා වෙන්නද? තොපි හිටියෙ නැති නිසා කන්ෆියුස් වුනා.."

"ඉතින් යකෝ තෝ නා ගෙන නෙවේද නිදා ගත්තේ."

"ඉතින් නෑවා වුනත් මටත් පීලි බලන්න ආසයි..."

"අනේ නිකා පලයන් මස්සිනේ යන්න. තෝ ආස පීලි. තොට ඕනේ බිත්ති හතරට කොටු වෙලා බල්ලෙක් වගෙ ඉන්න. තෝ මේ ලෝකේන් ආසම නැති දේ නෙවේද ට්‍රිප් කියන්නෙ."

"ඉතින් මොකටද බං... විදින්න නම් ෆෝන් එක අරගෙන ඔය පැති වල වීඩියෝ එකක් බැලුවාම හොදටම ඇති නෙවේද?"

"උඹේ ගෝත රැල කරන කියන දේවල් වලින් මට ඇඩ්වයිස් දෙන්න එන්න එපා.." සරදියල් කේන්ති ගිහින් කිව්ව නිසාම මම එතනින් එහා යන්න ගියෙ නෑ...

"උඹලා මොකද මේ ලිද ළඟ සාංගමේ දාලා..." ලොක්කායියා කුරුඳු කදකුත් කටේ ඔබාගෙන දුර ඉදන්ම එද්දි රුවනා මගෙන් පොඩ්ඩක් එහාට ගියා. මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නෙ මේකට එන්න කියලා අපේ අම්මා බෑග් හදන්න ගිය වේලාවේ අහු වුන ගංජා පැකට් එක නිසා. මූන්ට ඒකට බනින්නවත් හරියට ටයිම් එකක් සෙට් වුනේ නැති නිසා තමයි ඔය දෙන්නා, තුන් දෙනා වටෙන් ගොඩෙන් ඇවිත් ඒ ගැන නිතරම හාර අවුස්සන්නෙ.

"උඹව මට අහු වෙන්න එපා... මම ට්‍රේන් එකෙ කරපු දේත් දැක්කා කට පියන් හිටියට..." සරදියල් හිනා වෙලා හොද කතා බහක් වගෙ කියද්දි අරුන් වැඩිය අපේ පැත්තට කන් දුන්නෙ නෑ. ඔන්න මූ බනිනවා වගෙ කිව්වා නම් ඔය හැත්තටම ඕක මාරම ප්‍රශ්නයක් වෙනවා.

"මියුරු..." ලොක්කා කෑ ගහද්දි මම ගැස්සිලා ගියා. මේ බොඩි ලැන්වේජ් කන්ට්‍රෝල් කරන්න මට තාම අමාරුයි.

"කියන්න තාත්තේ."

"නිලූෂා මෙහෙ එන ගමන් උදව් දෙන්න. උඹ කිව්වද එන්න කියලා." මම කන් දෙක ඒ පැත්තට තමයි යවලා හිටියෙ. ඉතින් මට ඇහුනා ඔක්කොම

"මම කිව්වේ කට්ටියක් එනවා කියලා විතරයි."

"එකි බයද දන්නෙ නෑනේ උඹ වෙන එකක් කරනවා කියලා එක්ක වරෙන් ගිහින්" ලොක්කා කිව්ව ටයිම් එකෙම මියුරු මගෙ දිහා බැලුවා. මාත් ඒ පැත්ත බලන් හිටිය නිසාම නෝණ්ඩි හිනාවක් දාලා එහා පැත්ත හැරුනේ ඌ දිහා බලන් ඉන්න තවත් මට ඕනේ නැති නිසා.

❄ ශීත 🍻Where stories live. Discover now