59

685 104 103
                                    

"ආවුෂ්... මරු වතුර ටික..." නානකාමරේට ගිය මිනිහා පුදුමයි පැය භාගෙන් ආවා. මම නම් නිදි වගෙ ඇදේ මැදට වෙලා නිදි. මොනවා කරනන්ද කෙරවලේ හිටියොත් ඌ දිනුවා වෙනවනෙ. මම නම් දෙයි මේ කැස්වටුවට දිනන්න.

"ඕහෝ... මට නිකන් මාලුවෙක් ළඟ තියන් තපස් රකින්න වෙන පූසෙක්ගෙ ෆීලින් එකමයි එන්නෙ." මගෙ කන ලගට ඇවිත් අරු කියවලා ඇදේ රෙද්ද ගසනවා දැනුනා. නෑ නෑ ඒ අච්චාරු මිනිහා තාම එහෙන්ම තමයි. නොදමකින්.

"මම ආවා... ටූන නාන්නෙ නැද්ද?"

"....."

"ටූන...."

"......"

"ආ මෙයා නිදිනෙ. එහෙනම් මට කැමති දෙයක් කරන්න පුලුවන්."

"මොකක්ද එ කතාව."

"ආ ඒ කතාව ඕනේ තමුසෙ නිදි නම්. එත් දැන් ඇහැරිලානෙ."

"මගෙන් අහගන්න ඔය හදන්නෙ."

"අනේ මම අවුරුදු ගානක් තිස්සෙම උඹෙන් අහගත්තානෙ." සතුවා ඇදෙන් ඇලවෙලා මගෙ ලගට ආවා. සරදියල්ගෙ පැත්ත හැරිලා නිදාගෙන හිටිය මගෙ බඩෙන් අල්ල ගත්තා.

"අත ගන්නවා.."

"බෑ..."

"ඕයි..."

"මේවා නුපුරුදු ඒවද? මේ පැත්ත හැරෙන්න..."

"ඒ කාලේ නෙවේනෙ මේ කාලේ."

"ඇයි තමුසෙ පතිවත රකින ගෑණියෙක් වෙලාද? ට හිකෙන්න... යකෝ ඇමරිකා වල ගෑණු ලිවින් ටූගෙදර් ඉන්නෙ"

"ගෙදර ඉන්නෙ නැතුව ඌන් සත්තු වත්තට යන්නද?"

"මේ අහන්නකො..." මට තවත් ලං වෙලා සතු එන්න හදන්නෙ මොන පැලේ කන්නද කියලා මම කල්පනා කරන්නෙ.

"මොකද?"

"මෙච්චරයි ඕනේ... ඉස්සර වගෙ නිදාගමු. උඹට මාව ඒ විදියට දකින්න බැරි නම් යාලුවෙක් වෙමු. එහෙම වෙලාත් මෙහෙම ඉමු... ගුට් නයිට්." ආයෙත් ඉස්සිලා මගෙ බෙල්ලට කිස් එකක් දීලා අරු මගෙ බෙල්ලටම ඔලුව තියන් බදාගෙනම නිදාගත්තා.

"සතු...."

"ම්ම්ම්ම්...."

"අත අරින්න..."

"එපාද? මෙහෙම ඉන්න එපාද? ඕකේ..." ඌ මගෙන් එහාට යනවා දැනුනට පස්සෙ මම ඌගෙ පැත්ත හැරුනා.

❄ ශීත 🍻Where stories live. Discover now