21

593 111 42
                                    

"බුරුවෝ... පොලිසියෙන් ඉන්නවා... තොට ලයිසන් නෑ නේද?" කොට්ටාවේ රවුන්දබෝඩ් එක ළඟ ඉන්න  පොලිස් කාරයාව දැකලා සනා ලෙසටම බය වෙලා මගෙ පිටත් පලන්න හදනවා.

"ගවයෝ කෑ නොගහා ඉදපන්. තෝ රගන්න රගන්න තමයි ඌන් උඹව අල්ලන්නෙ."

"ඩිබෙට් එකට යන එක කෙසෙ වෙතත් මට කූඩුවට යන්න වෙයි කියලා බයයි."

"තෝ දැනගෙන නෙවේද ආවේ." බයික් එකත් ස්ලෝ කරලා ඌට කියන්නම මම පිටිපස්ස බැලුවා.

"මගෙ දිහා බලන්න එපා බුරුවෝ හැප්පුනොත් ඉවරයි."

"එහෙනම් කියවන්නෙ නැතුව ඉදපන්කො වදෙ. මොන කරච්චලයක්ද මේ." මම ආයෙත් පෑගුවා. ඔය පොලිසියෙන් අල්ලන්නෙ නෑ. සාමාන්‍යයෙන් අල්ලන්නෙ පන්නිපිටියේ හරියෙයි, මහල්වරාවෙනුයි. මොකද කොට්ටාව කියන්නෙ ටර්නින් පොයින්ට් එකක් වගෙ. එකෙක්ව අල්ලන් රස්තියාදු කරොත් අතුරුගිරිය, රුක්මලේ, හෝමාගම, මත්තේගොඩ, වගෙම බොරැල්ලට යන සැට් ඔක්කොම අනාත වෙනවා. ඒ බව දන්න නිසාම ටැෆික් එක කන්ට්‍රෝල් කරනවට වඩා දෙයක් මෙතන ඉන්න ඌන් කරන්න බලන්නෙ නෑ. හැබැයි එහෙම කරන්න තියෙන සම්භාවිතාව කොච්චර අඩු වුනත් අල්ලලා පගාව ගන්න හදන්න බැරි කමකුත් නෑ.

මම නීට් එකට මහල්වරාවටත් ආවා පොලිසියෙන් අද නෑ. ඉස්කෝලේ දවසක් වුනා නම් පොලිසියෙන් ඉන්නවා. එත් අද ඉරිදානෙ. වේලාව 8.58ට තියෙද්දි මට පන්නිපිටියේ ධර්මාපාලෙ ළඟ නවත්තන්න පුලුවන් වුනා.

"අම්මොහ් බේරුනා." මගෙ බයික් එකෙන් බැහැලා ස්තූති වත් නොකර සනා කාරයා දුවලා ගියා. යකො තැන්ක්ස් කරන එක ඔය තරම් දෙයක්ද?

මමත් බලාගෙන ඉන්නෙ නැතුව බයික් එක හරව ගත්තෙ ඕනේ මගුලක් වෙයිනෙ කියලා. ෆෝන් එක රින්ග් වුන නිසා මම ෆෝන් එක අරන් ආන්සර් කරා. ජනාධිපතිටවත් එන්නෙ නෑ බං මට වගෙ කෝල්ස්. ඒක ඇත්ත.

"ඕ අම්මා කියන්න."

"ඉක්මනින් ගෙදර වරෙන්. අප්පච්චිට පොලිසියට යන්න තියෙනවා."

"අයියෝ අම්මේ වීල් එකෙ යන්න කියන්නකො... මම දැනුයි මේ ඉස්කෝලේන් මෙයාව බැස්සුවේ."

"ඕනේ මගුලක් කර ගනින් මම නිකන් ගිරේකට අහු වුන පුවක් ගෙඩියක් වගෙනෙ."

❄ ශීත 🍻Where stories live. Discover now