42

507 102 110
                                    

"ඔන්න අද හරි ඉතින්... මූණ පුක කරන් නටයි මෙතන..." ගෙදරට ගොඩ වෙද්දිම කාටද මන්දා කියනවා දෝණියා.  ලැජ්ජාව බල්ලට දාලා ගෙගරි එකෙ වොශ් රූම් එකෙන් පස්සෙ මඩ හෝද ගෙන බස් එකෙම ගෙදර ආවා. හැබැයි මට අරුගෙ වස් ටික  නම් ගානට වැදුනා. නැත්තම් මෙච්චර චාටර් එකක් වෙන්නෙ නෑ.

"මොකො අද හාමු පරක්කු." කාමරේක ඉදන් සාලෙට ආව මණිකෙ අක්කා අහද්දි මම නොර්මල් හිනා වුනා

"වැඩක් තිබ්බා අක්කෙ."

"ඒක නෙවේ අද කොහෙද ගියෙ." හරිනෙ අරු ගින්න දීලා... නැත්තම් ඔහොම  අහන්නෙ නෑ. ඔය සතුවා නම්...

"පාර්ක් ගියා."

"ක්ලාස් ගියෙ නැද්ද?" ශොක් වෙලා දෝණි අහද්දි මැනිකෙ අක්කත් මගෙ උත්තරේ එනකල් වගෙ බලන් ඉන්නෙ. මැණිකෙ අක්කා ටික දවසක් අපේ දිහා නැවතිලා ඉන්නවා. මෙහෙම තමා කඩින් කඩ ගෙවල් මාරු කරනවා. මෙයාලා.

"උදේ ගිහින් හවස පාර්ක් ගියා."

"ටෂි... උඹ ආයෙත් වැරදි පාරක යන්න හදනවා නම් ඒක දැන්ම නවත්ත ගනින්. ඔච්චරම පාර්ක් යන්න ඕනේ නම් ක්ලාස් කට් නොකර යන්න ඕනේ. මම හිතනවා කලින් වගෙ ගොබ්බ වැඩ නොකර ඉදි කියලා. මොකද මට බෑ අම්මට උත්තර බදින්න." දෝණි එක හුස්මට කියවන් යද්දි මම බිම බලාගත්තා. ඕකට තමයි බං කියන්නෙ දවසක් පොඩි වැරැද්දක් කරොත් ඒක ආත්ම ගානටම වදිනවා කියලා.. මම විතරද මල් නම් සරදියල් වුනත් ගහනවා. අපේ එකිට මොලයක් නෑ ඌ බබා වගෙ හැසිරෙද්දි. එත් ඌට කියනවා ඇරෙන්න මට බෑනේ අපේ එකිට ඕවා කියන්න.

"නිකන් ගියෙ."

"අනේ මල්ලි මම කලිසමේ මඩ තිබ්බ නිසා ඇහුවේ."

"ඒක තමයි එහෙනම් සනා මෙහෙට කතා කරලා ආවාම කියන්න කිව්වේ. ඌත් තාම පොඩි එකෙක් වගෙ උඹව හරි පාරට ගෙන්න හදනවා. කිසිම වගකීමක් ගන්න බැරිද?"

"ඇයි ඉතින් එයාට කිව්වේ තමන්ගෙ මල්ලිව පාරට ගන්න කියලා. තමුසෙ අක්කා නම් ඇයි ඒ මනුස්සයාව මගෙ ගාවට කරලා ඇග බේර ගත්තෙ." තොලත් හපාගෙන මම මගෙ කේන්තිය උපරිම යටපත් කරලා ඇහුවේ.

"මොකක්ද?"

"මට තවත් මිනිස්සු අප්පිරිය කරන්නෙ නැතුව කට පියා ගන්න... ඉස්සර අතේ එල්ලුන බූලී ලොකු වෙද්දි දරා ගත්ත මොනම දෙයක්වත් තමුසෙ දන්නෙ නෑ අක්කෙ... පිටින් පේන කිසිම දෙයක් විශ්වාස කරන්න තරම් මෝඩයෙක් තමුසෙ." මම කෑ ගහලා සරදියල් දිහත් බලලා එන්න හදද්දි ආයෙත් දෝණි කතා කරා.

❄ ශීත 🍻Where stories live. Discover now