49

516 107 124
                                    

"සෙල්මි අම්මා... දැන් හරිද?" මම opd වෝඩ් එකකට රිලිස් කරපු සෙල්වි අම්මා දිහා බැලුවා. ඇග කටු වුනේම වැඩ කරලා මේ ගෑණි. සල්ලි හෙව්වේ දුවව රකින්න. එත් අන්තිමේ වින්දේ දුකක් විතරයි කියලා සිහි එද්දි දුවත් ලෝකෙන් යන්නම ගිහින් නම්... ඒක ඉවසන්න ඒක සනසන්න වචන තියෙනවද?

"මේ තරම් බැදීමක් ආවේ කොහොමද කියලා හිතන්න වෙනවා" හෂිනි මගෙන් අහද්දි මම කට පියාගත්තා අනේ මේකිට  දේවල් මවාගනින් කියලා.

"ඒවා නොහිතා මිනීමරුවා ඇල්ලුවොත් හොද නැද්ද පොලිස් නෝනේ." පිටිපස්සෙන් පිරිමියෙක්ගෙ කට හඩක් ඇහුන නිසා අපි දෙන්නම ඒ පැත්ත බැලුවා.

"තුහින ඔයා එන්න පෙන්නන්න දෙයක් තියෙනවා." මහානාම අන්කල් මට කියද්දි අරකිගෙ මූණට අබ දැන්මොත් පිපිරෙන ගානයි.

"මිස්ට මහානාම.... පොඩ්ඩක් රෙස්පෙක්ට් කරන්න."

"ඕහ්... ඕහ් පොලිස් නෝනේ... බල්ලො අරගෙන ගිහින් සර්ච් කරා නම් නරකද? මොකද බල්ලොන්ගෙ ඉව වැඩි... බොට වඩා" මම මහානාම ඉන්න පැත්තට ගියෙ ආයෙත් එක පාරක් සෙල්වි අම්මා දිහා බලලා.

"මට හරිම කේන්ති..."

"මම දන්නවා." මොනවා වුනත් පොලිසියෙ කෙනෙක්ට ඔහොම නෝන්ඩි දාන්න නරකයි.

අපි ගියෙ මෘත ශරීරාගාරෙට. වටේම මිනි කුණු ගද එක්ක මල ගෙදරක එන ෆෝමලින් ගද වටේම එද්දි අබලන් වෙච්ච ටෝලි එක්ක තිබ්බ තැනකට අර මිනිහා මාව එක්ක ගියා.

"ආ අමතක වුනා. මෙන්න මාස්ක් එක. මට ඉතින්."

"අපරාදේ දැන් දුන්නෙ."

"කොල්ලා අහංකාරයි වගෙ වුනාට හොද විහිලුකාරයෙක්නෙ."

මම ලාවට ඔලුව වැනුවා විතරයි. ඒ කරලා මම මාස්ක් එක දාගෙන වටේ බැලුවා. බය හිතෙනවා දැක්කාමත් ඒත් ඔක්කොම හොදින්. හැබැයි මම හොල්මන් වලට බය නෑ කැමති නැති වුනත් වැඩේ කියන්නෙ පාන්දර ජාමෙකටත් මම මෝචරියෙ ඉන්නවා.

"බය වෙන්න එපා... මැරුන හොල්මන් වලට... ජිවත් වෙන මිනිස්සුන්ට බය වෙන්න." අර අන්කල් එහෙම කියද්දි මූත් හොල්මනක් වෙන්න බැරිද? ඇයි අපිට බැරි උදේට මේක කතා කරන්න.

❄ ශීත 🍻Tahanan ng mga kuwento. Tumuklas ngayon