86

460 98 119
                                    

විලි ලැජ්ජාවෙන් බේරෙන්න බැරි නිසාම මට වුනේ පොලිසිය රිමාන්ඩ් කරපු හොරෙක්ව වගෙ සතුර්කයාව දැඩි ආරක්ෂාව පිට ගෙදර ඌන්ට නොපෙනෙන්න එළියට ගෙනියන්න වුන එක. ඔක්කොටම හපන් අපේ ඌන්ට වඩා මූගෙ නංගි මූණ සම්බෝල කරන්න හිතෙන්නෙ මූගෙ නොවුනා නම්. මට එකිව දිරවන්නෙම නෑ. රට කබරි. මෙහෙමයි මම කවදාවත් ආයෙ නම් ලව් කරන්නෙ නෑ. මම නිකන් මූගෙ වහලෙක් වගෙ කියන කියන දේ කරන්න ඕනේ. නුවරඑළියෙදී මූ මට සැලකුවා කියන එක වෙනමම කතාවක්.

"උඹ මට කිව්වා නම් මේක කොළඹ කියලා මෙච්චර දෙයක් වෙන්නෙ නෑ ටූන."

"නිදිමරගාතේ ඕවා මතක් කරන්න ඕනේ කියලා මම දන්නවද?"

"උඹ දන්නවනෙ මම 4.30ට දුවන්නෙ ගෙදරට කියලා."

"මම දන්නවා වුනත් මම දන්නවද තමුසෙ ජොකා පිටින් පහලට දුවන්න තරම් සිහිවිකල් වෙලා ඇති කියලා."

"මට සිහිවිකල් වෙලා නෑ... තමුසෙට ඔලුවක් නෑ."

"දැන් තමුසෙ නැට්ට පාගන් ඒ වේලාවෙ දුවයි කියලා මම දන්නවද?"

"තමුසෙ එක්ක කොච්චර කතා කරත් වැරැද්දක් පිලිගන්න එකෙක් නෙවේනෙ. මේකත් සංස්කෘතිය වගෙම තමයි."

"මොකක්ද දැන් සංස්කෘතියෙ වැරැද්ද?" මම හිටපු තැනම බයික් එක නැවැත්තුවා.

"එදා මම කිව්වා සංස්කෘතිය වැරදි කියලා. එත් උඹ එදා පිලිගත්තෙ නෑ."

"ඉතින් පිලිගන්න බෑ ඒක. ඉතින් නැගපන් මම පෙන්නන්නම්... මං කියන දේ ගැන." මම සතුට එහෙම කියලා රවලා ඉස්සරහා බලාගත්තා. කොට්ටාවේ මොංගල්ම හංදියෙන් යන්න ඕනේ පාර මොකක්ද කියලා මට තේරුනේ නෑ. ඉතින් පෙටා වලට යන්න වමට හැරෙව්වා. මීයට පිම්බා වගෙ දැන් කට පියාගෙන ඉන්න. නෑ මූ ඔහොම ඉන්නෙ හිත යටින් මගෙ පළු අරින ගමන්.

පාළු කාන්තාරෙක ඇවිදන් යනවා ලේසි ලංකාවේ ජිවත් වෙනවට වඩා. ලංකාව ඇයි ලංකාව විතරක්... ලෝකෙම ලෝකෙම ජිවත්  වෙන්න හරි අමාරුයි. මොනවාම හරි ප්‍රශ්නයක් නැත්තම් හෙණ ගහන ගං වතුරක් හරි එනවා මිනිස්සුන්ට. එක්කො අවනඩුවක් වගෙ ලව් එකක් හරි සෙට් වෙනවා.

"දැන් කොහෙද යන්නෙ."පිටිපස්සෙ ඉදන් සතු අහනවා..

"National Intellectual Property Office එකට... ඇයි එන්න බැරිද?"

❄ ශීත 🍻Where stories live. Discover now